දැනට පවතින තත්වය අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් කිරීමට නොහැකි බැවින් ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට සමාගම සතුව පවතින අතිශය සීමිත ගෑස් ප්‍රමාණය අත්‍යාවශ්‍ය සේවා සහ කාර්මික අංශ වෙත පමණක් නිකුත් කෙරෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම දැනට ඇමරිකානු ඩොලර් මිලියන 07ක් ගෑස් ආනයනය සඳහා ගෙවා ඇති අතර ලබන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම ගෑස් තොග ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
RN