ගාලු මුවදොරින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදයයි – කාදිනල්

Date:

ඉතිහාසය පුරා රට පාලනය කළ කිසිවෙකුත් ජනතාව ගැන සිතා, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සඳහන් කරනවා. ඒ වෙනුවට පාලකයන් දිගින් දිගටම සිදුකළේ ආගම් භේද, ජාති භේද අවුළුවා ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීම බවද කාදිනල්වරයා පවසනවා.

ජනතා යහපත වෙුනවෙන් කටයුතු කිරීම වෙනුවට දූෂණ සංස්කෘතියක් බිහිකළ පාලකයන් නීතියේ ස්වාධීනත්වය අහිමි කර නීතිය දේශපාලනඥයන්ගේ අතකොලුවක් බවට පත්කර ඇති බවටද කාදිනල්වරයා චෝදනා කරනවා.

මෙම අන්ත දූෂිත, ජනතා විරෝධී දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉතා අගනා අවස්ථාවක් උදා වී ඇති බවත්, නැවත දූෂිත දේශපාලනයට ඉඩ නොතබා ජනතා හිතවාදී සැබෑ පාලන ක්‍රමයක් බිහිකර ගැනීම සඳහා මෙය ස්වර්ණමය අවස්ථාවක් කරගත යුතු බවත් පෙන්වා දෙන මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසන්නේ ගාලු මුවදොර අරගල භූමිය දෙසින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදය බවයි.

කාදිනල්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹදී පැවති උත්සවයකට සහභාගිවෙමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...