*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

රටක් අවදි කළ නායකයා ….

හරියට ත්‍රස්ථවාදීන්ගේ ග්‍රහණයට රට නතුවෙලා තියෙනවා වගේ ලයින් දීගෙන “අඥේ මගේ රට බේරගන්න ඕනි ඒ වෙඥුවෙන් මහින්දව ගෙදර යවඥ්ඥ ඕනි” ගාගෙන මාර දේශප්‍රේමි ලයින් දීගෙන ඩෙගා නටන හාදයෝම තමයි දැනට අවුරුදු 20ට කලින් කිව්වේ “අඥේ අපි උතුරු නැගෙනහිර පළාත්වලට යන්නෙත් නෑනේ ඉතින් ඒ පළාත් දෙක කොටින්ටම දීලා දාන එකේ කිසිම වරදක් නෑ” කියලා. එදා මේ හාදයෝ මේ වගේ රට පාවලා දෙන කතාවන් කියන්න හේතුව කොටින්ට ඊලාම් රාජ්‍යයක් ලිඛිතව ලබා දෙන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගවිසුම් ගහන්න සැරසෙද්දි ඒකට සහය පළ කරන්නයි. රනිල්ගේ ඊනියා ගිවිසුම සාධාරණීකරණය කරන්න මේ හාදයෝ කඩේ ගියේ ඔන්න ඔය විදියටයි. එදා මුන්ට තමන්ගේ රට කියන හැඟීමවත් තිබුනේ නෑ. අද මහා ලොකු දේශප්‍රේමි ටෝක්ස් දුන්නට.

රටේ දේශද්‍රෝහීන්ගේ සහය ඇතුව ජාත්‍යන්තර මැදිහත් වීමකින් කොටිය⁣ට රටේ වටිනාම පළාත් දෙක ⁣සින්නක්කරව දෙන්න කටයුතු කරද්දි මේ රටේ බහුතරයක්ම පාඩුවේ බුදියන් හිටියේ. එදා මේ බුදියන් හිටපු ජාතිය අවදි කරලා “මේක මගේ රට , මේ රට එක එක දේශද්‍රෝහීන්ට ඕන විදිය⁣ට කෑලි කෑලිවලට කඩලා ⁣එක එකාට ලියලා දෙන්න බෑ. මේ දේශද්‍රෝහීන්ගේ ගිවිසුම් ඉරලා විසික් කරන්නනම් දේශප්‍රේමි ජනතාව එකට එකතු වෙන්න ඕනි” කියලා රටේ ජනතාවගේ සිත් තුළට රට ගැන ආදරයක් , කැක්කුමක් ඇති කරපු අසහාය දේශප්‍රේමි නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.

එදා මහින්ද රාජපක්ෂ කියන මේ අසහාය නායකයා රටේ ජනතාව අවදි කරලා විතරක් නිකන් හිටියේ නෑ. අද සජිත්ලා වගේ පිස්සු කෙලලා රටට කෙලවන්න හැදුවේ නෑ. මහින්ද රාජපක්ෂ කියන සුන්දර නායකයා තේරුම් අරන් හිටියා රනිල් , සජිත් ප්‍රමුඛ දේශද්‍රෝහී නඩය පලවා හැරියේ නැතිනම් මේ සුන්දර රටේ වෙනම ඊලාම් රාජ්‍යයක් බිහි වෙනවා කියන එක. ඒ වගේම එතුමා අවබෝධ කරගෙන හිටියා මේ විනාශය වලක්වන්න තමන්ගෙන් ලොකු දෙයක් සිද්ද වෙන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් හඬ අවදි කරමින් දේශප්‍රේමි කඳවුරක් නිර්මාණය කරන්න එතුමා කටයුතු කළා.

අද බොරු දේශප්‍රේමීන්ටත් තමන්ගේ රට කියන හැඟීම ඇති කරන්නත් මුල් අඩිතාලම හැදුවේ අද උඹලා එලවන්න බලාගෙන ඉන්න මහින්ද රාජපක්ෂ කියන දේශප්‍රේමි නායකයයි.

2005දි මහන්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙද්දි මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ අත් ගැටගහලයි තිබුනේ ඒ රනිල්ගේ දේශද්‍රෝහී ගිවිසුම නිසා. නමුත් කොටියගේ අත් පට්ට නිදහස්. කොටියාට පුලුවන් උනා හමුදා රණවිරුවන්ව ඝාතනය කරන්නත් හමුදා කඳවුරුවලට ඇවිත් තග දාලා යන්නත්. නමුත් ඒවට ප්‍රතිප්‍රහාරවත් එල්ල කරන්න බැරි තත්වයක් තමයි හමුදාවට උදාකරලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජනතාවට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තිබුනේ. ගෙදරින් ගිය මනුස්සයෙක් ආපහු ගෙදරට එන්නේ මිනි පෙට්ටියකින්. ඒ තරම් භයානක අවදියක රට බාර ගත්ත මහින්ද රාජපක්ෂ කියන නායකයා අවුරුදු තුනක් ඇතුලත මේ හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කරලා , රණවිරුවන්ට අභිමානයක් ලබා දුන්නා.

අද අපේ රටේ මහින්ද රාජපක්ෂ කියන මහා දැවැන්ත නායකයාව එලවන්න දඟලන ව්‍යාජ දේශප්‍රේමීන්ට ඕවා දැන් මතක නෑ.

ඔය එක එකාට මහින්ද කියන්නේ හොරෙක් , නාකි මයිනෙක් වෙන්න පුලුවන් හැබැයි අපිටනම් මහින්ද කියන්නේ රටක් අවදිකල දේශප්‍රේමි නායකයෙක්. එතුමා බලයේ හිටියත් නැතත් අපේ හිත්වලනම් ඔහු සදහටම අපේ නායකයා.

  • මොහමඩ් අක්රම්

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan