*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සමරිසි කියලා නිවාස අඩස්සියේ තියලා! පොලීසියත් වැඩේට සම්බන්ධ වෙලා!

තමා සමරිසි බැවින් බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තැබීමට තම දෙමාපියන් කටයුතු කළ බවත්, මීට වැලිසර මහබාගේ පොලීසියේ අනුග්‍රහය හිමිවූ බවත් චෝදනා කරමින් විසි දෙහැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

වින්දිත කාන්තාව පවසන්නේ තමා සමරිසි හා තමාට පෙම්වතියක සිටින බවට නිවසට හෙළිකිරීමත් සමඟ ඈට වධහිංසා පමුණුවා නිවස තුළ සිරකර තැබීමට තම දෙමාපියන් කටයුතු කළ බවයි.

කිතුණු බැතිමතුන් වූ වින්දිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඈ ‘නිවැරදි කිරීමට’ හෙවත් විෂමලිංගිකත්වයට ‘පරිවර්තනය කිරීමට’ විවිධ පූජකයන් වෙත ඈ යොමුකර තිබෙන අතර, එක් පූජකයකු ඇගේ දෙමාපියන්ට පවසා තිබෙන්නේ ඈගේ රැකියාව අහිමිකර පුරුෂයකුට බලෙන් විවාහ කර දීම මඟින් මෙය විසඳා ගත හැකි බවයි.

තමා බලහත්කාරයෙන් නිවසේ සිරකර තබා ඇති බවට වින්දිත කාන්තාව සිය මිතුරකුට ඊමේල් පණිවුඩයක් හරහා දැනුම් දීමත් සමඟ වැලිසර මහබාගේ පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත ඈ පොලිස් ස්ථානයට ගෙනවිත් ප්‍රශ්න කර ඇත.

වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසන්නේ පොලීසිය විසින් මෙම වින්දිත කාන්තාවට තර්ජනය කළ බවත් සමරිසි වීම මානසික රෝගයක් යැයි පවසා ඊට විරුද්ධව පැමිණිල්ලක් සිදුකරන ලෙස ඇගේ දෙමාපියන්ට උපදෙස් ලබා දුන් බවත් ය.

වින්දිත කාන්තාවගේ සමරිසිභාවය ‘ඔප්පු කිරීමට’ සාක්ෂි ලෙස ඇගේ ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය ද පොලිස් භාරයට ගෙන ඇති බවට සඳහන්.

මෙසේ ඇගේ ප්‍රේම සබඳතාව මානසික රෝගයක් මත ඇතිවූවක් බවට ඒත්තු ගන්වමින් පැමිණිල්ලක් සිදුකරන ලෙස මහබාගේ පොලීසිය විසින් වින්දිත කාන්තාවගේ දෙමාපියන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ, ඒ මත අධිකරණ නියෝගයක් ලබා ගෙන අධිකරණ වෛද්‍යවරයකු ලවා ඈ ශාරීරික හා මානසික පරීක්ෂා වෙත යොමු කිරීමේ අරමුණින් බවයි වින්දිත කාන්තාවගේ නීතීඥයන් පවසන්නේ.

කෙසේවෙතත්, සමස්ත සිදුවීම තුළ වැලිසර මහබාගේ පොලීසිය හැසිරී ඇති අන්දම නීතිවිරෝධී බවත්, ආර්ථික වශයෙන් ස්වාධීන හා ස්ථාවර වැඩිහිටි පුද්ගලයකු මෙසේ නිවසේ සිරකර තැබීම නීතිවිරෝධී බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පුද්ගලයකුගේ ලිංගික දිශානතියට අදාළව අපරාද නීතියක් සඳහා ප්‍රතිපාදන නොමැති බවත් ඒත්තු ගැන්වීමට වින්දිත පාර්ශවයේ නීතීඥයන් සමත්ව ඇති නිසා ඈට නිදහස ලබා ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව, වරදකට සාක්ෂි ගොනුවීමකින් තොරව තම පෞද්ගලික බඩු බාහිරාදිය පොලිස් භාරයට ගැනීම හරහා සහ ගුරුවරියක වශයෙන් තමා කරන වෘත්තියට යාමට නොහැකි වන සේ අනීතික අන්දමින් සිරකර තැබීම හරහා රැකියාවක නිරත වීම හා ජීවනෝපායක් උපයා ගැනීමට ඇති අයිතිය අහිමිවීම මත තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් වින්දිත කාන්තාව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ‘අස්වාභාවික වැරදි’ මැයෙන් ඇතැම් ලිංගික ක්‍රියාවලට අදාළව 365/365අ වගන්ති වලට සම්බන්ධ වැරදි යොදාගනිමින් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී හා ප්‍රශ්නභාවී ප්‍රජාවට පොලීසියේ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වීමට සිදුවීම අනාදිමත් කලක පටන් සිදුවූ දෙයකි.

2014, 2017 සහ 2019 යන වර්ෂ වල විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය හරහා ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිට පිට තහවුරු කර තිබේ. මීට ආසන්නතම සිදුවීම ලෙස 2022 මාර්තු මස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ගොනුකළ පැමිණිල්ලකට අදාළව කාන්තාවන්ට එරෙහි සියළු අන්දමේ වෙනස්කොට සැලකීම් වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ (CEDAW) විභාගයට ගැණුනු නඩුව සැලකිල්ලට ගත හැකි අතර, එහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පාර්ශවය නැවත වරක් තහවුරු කර සිටියේ ලිංගික දිශානතිය මත පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එසේ තිබෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ය.

මීට අමතරව ඉකුත් මාර්තු 11 වන දින සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඉලක්කකර ගනිමින් සිදුවන පුද්ගලයකුගේ ලිංගික දිශානතිය (Sexual Orientation) හෝ සමාජභාවය (Gender) වෙනස්කළ හැක්කේ යැයි විශ්වාස කෙරෙන වෛකල්පිත මනෝචිකිත්සක ක්‍රමවේදයක් වන ‘පරිවර්තන චිකිත්සා’ (Conversion Therapy) තහනම් කරන පනතක් හඳුන්වාදෙන මෙන් ඉල්ලා යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශ කරන ලද්දේ 1990 මැයි මස 17 වන දින ය. ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යාව පිළිබඳ ඉහළතම විද්‍යායතනය වන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists) විසින් ඉකුත් 2018 වර්ෂයේදී සහ 2021 වර්ෂයේදී තහවුරු කරන ලද්දේ විවිධ ලිංගික අනන්‍යතා පුද්ගලයන් අතර දක්නට ලැබීම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයක් මිස මානසික රෝගයක් සේ සැලකිය නොහැකි බව ය.

එවන් පසුබිමක් තුළ තවමත් රාජ්‍ය අනුග්‍රහය ලබමින් මෙවන් අනීතික සිදුවීම් දිවයිනෙන් වාර්තා වීම ඛේදජනක බව සඳහන් කළ යුතු ය. ආගමික පසුබිම යොදාගනිමින් වෛකල්පික මනෝ චිකිත්සක ක්‍රමවේද වලට ජනතාව බලහත්කාරයෙන් යොමුකරවීම ඊටත් වඩා ඛේදජනක තත්ත්වයක් බව සඳහන් කළ යුතු ය.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan