ආණ්ඩුවට සම්බන්ධ උන්මත්තකයින්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්. ජනාධිපති ඇතුළු සියලු දෙනා වගකිව යුතුයි – සජිත්

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් රටක් ප්‍රාර්ථනා කරමින් සාමකාමී ලෙස අරගල කරමින් සිටි අරගලකරුවන්ට රජයට සම්බන්ධ උන්මත්තක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ බියගුළු සාහසික ප්‍රහාරය හෙළා දකින බවත් එම ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාසයකට වැඩි කාලයක් පුරා අතිශය ශිෂ්ටසම්පන්න ලෙසත්,අවිහිංසාවාදී ලෙසත් අරගල කළ අරගලකරුවන් අතින් කිසිදු නීති විරෝධී හෝ විනය විරෝධී කටයුත්තක් වාර්තා නොවූ අතර හිංසනය වෙනුවට ඔවුන් අත තිබුණේ අවිහිංසාව ය.

එවන් අවිහිංසාවාදී අරගලකරුවන්ට එරෙහිව සෑම විටම ආණ්ඩුව කළේ සිය ත්‍රස්ත පන්නයේ අශිෂ්ට තර්ජනයමය.

තමන්ගේ හිතවාදීන් සහ බලයෙන් මත්ව සිටින උන්මත්තක කණ්ඩායම් පාලනය කරන ලෙසත් ජරාජීර්ණව ගරා වැටෙමින් සිටින ආණ්ඩුවට අපි අවධාරණය කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මිලේච්ඡත්වයට රාජපක්ෂ ජනාධිපතිවරයා රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා සම්බන්ධ බවත් මේ ත්‍රස්ත පන්නයේ හැසිරීම් වහාම නවතා දැමිය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පවසා සිටියේ අද (09) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...