කොටහේනේ දැරියගේ සිද්ධිය අදත් පාර්ලිමේන්තුවේ දිග ඇරෙයි.විමර්ශනවල විශ්වාසවන්ත බව ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

Date:

කොළඹ LNW:කොටහේන පාසල් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් අද (09) දිනයේත් පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කරුණු දක්වමින් පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.

එම විමර්ශන සම්බන්ධයෙන් විශ්වාසවන්තභාවය ගැන ප්‍රශ්නයක් මතුව තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඊට අගමැතිවරිය කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ අදාළ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙන බවයි.

”ගරු කතානායකතුමනි මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. විපක්ෂනායකතුමා ප්‍රශ්නය මතු කළාම මම පැහැදිලවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදන්න මැදිහත් වෙනවා කියල. මෙතැනදී අපි කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියල. එක එක කතා මත අපිට තීන්දු ගන්න බැහැ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ ඒකට බාධා නොකර. මෙතන වැරද්දක් වුණා කියන එක අපි සියලු දෙන පිළිගන්නවනේ. මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩිමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කළේවත් ප්‍රින්සිපල්ගෙන් නිදහසට කරුණු විමසුවේවත්.ඊට කලින්. දරුවා නැතිවුණ වහාම අමාත්‍යාංශය හොයල බලනකොට ළමයා මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයව පාසල තුළ තියාගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනුම් නොදීම පිළිබඳවත් ගිය සතියේම ප්‍රින්සිපල්ගෙන් කරුණු විමසුවා. මෙතන සමාජ මාධ්‍ය තුළ යන තොරතුරු මත විතරක් අපිට කතන්දර කියන්න හොඳ නැහැ සහ මේකේ මොකක්ද වුණේ කියන එක අග මුල හොයන එක අපි කාටවත් කරන්න බෑ. ඒක හරියට සිද්ධ විය යුතුයි.ඒක හරියට කරන්න ස්කිල්ස් රිසොසර්ස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැතුව මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක, ඒක අපේ වගකීම නෙවෙයි. අපේ වගකීම දරුවෙක්ට මෙහෙම සිද්ධියක් වුණා කියල වාර්තා වුණාම ඒ පිළිබඳව සොයන්න හරි ක්‍රියාමර්ග ගන්න එක. ඒක සිද්ධ වුණේ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. මෙතැනදී දැන් ඒ දරුවා නෑ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. එතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතින් ඉන්නවා. රාමානාදන් ගර්ල්ස් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනත් අපි හිතන්න ඕනේ. වින්දිතයින් ගණනාවක් මෙතන ඉන්නවා. මේ සියලු දෙන ගැන හිතල අපි මැදිහත් වෙනවා මිසක් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් මෙතන පොයින්ට්ස්කොර් කරගන්න හොඳ නැහැ. මම කියන්නේ මේකට මැදිහත්වෙන විදිහේ එතික්ස් තියෙනවා. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරමු. පවුලක් කියල එකක් තියෙනව මෙතන තාම. එහෙම හිතල තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. අපි සියලු කරුණු මෙතන හෙලිදරව්කරන කොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද?” යනුවෙන් අගමැතිවරියවැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...