මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිල නෑ.ජන්දේ ඉල්ලලා ආවේ – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් ආණ්ඩුවට විරෝධය!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතාව සභාගර්භයෙන් ඉවත් කිරීමට ඊයේ (08) විවාදය අතරතුර මුලාසනාරූඪ මන්ත්‍රීවරයා කටයුතු කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ආණ්ඩුවට සිය විරෝධය පළකර සිටියේය.

අර්ජුනා මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුමත නොකළද යෝජනාවක් සම්මත කර මන්ත්‍රීවරයෙක් එළියට දැමිය යුතුව තිබුණද එලෙස යෝජනාවක් සම්මත නොවී ආණ්ඩු පාර්ශවයේ බලය පාවිච්චි කර අර්ජුනා මන්ත්‍රීවරයාව එළියට දැමීම අනුමත නොකරන බවයි විජේසිරි මහතා පැවසුවේ.

” හෙට අනිද්දට ඕක අපිට කරයි. එහෙම කරන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙලා තමයි මන්ත්‍රීවරයෙක් එළියට දාන්න ඕනේ.එයාගේ හැසිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඇයි මේ?මොකක්ද මේ අසීමිත බලය. ඔයාල එහෙමද ආවේ? තක්කඩි වෙන්න එපා. ස්ථාවර නියෝගවලින් බැහැර වෙලා ඒ විදිහට කටයුතු කරන්න එපා. මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ. ජන්දේ ඉල්ලලා ඇවිත් තියෙන්නේ.” යනුවෙන් විජේසිරි මහතා ආණ්ඩුවට චෝදනාත්මකව ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...