මුදල් කොල්ලයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

මැයි 03 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් දෙකෝටි අටලක්ෂ හතලිස් දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, බස්නාහිර පළාත – උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන මාහේන ප්‍රදේශයේදී බවයි පැවසෙන්නේ .

පොලීසිය පැවසුවේ, සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් මුදුවක් ද සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...