වෙඩිතැබීම්වල කැපී පෙනෙන වර්ධනයක් නෑ. මාස 7ට වෙඩිතැබීම් 79යි, මරණ 52යි – ඇමති විජේපාල

සටහන – රුවන් නෙළුගොල්ල

2024 සැප්තැම්බර් 21 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධි 79ක් සහ එයින් සිදුවූ මරණ 52ක් වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

“අපේ ගරු ජනාධිපතිතුමා මැතිවරණයට පෙර වේදිකාවේ කිව්වා වගේම මේ පාතාලය මර්දනය කිරීම සම්බන්ධව දශමෙකින්වත් අපේ ධෛර්යය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරන් තියෙනවා. අපි ඒ කටයුත්ත කරමින් ඉන්නවා. මේක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව සිද්ධ වෙන කාරණාවක්. මේ වෙඩිතැබීම් පිළිබඳ අධ්‍යනය කරපුවාම 2022, 2023, 2024 අධ්‍යනය කරපුවාම මේ වෙඩිතැබීම්වල විශේෂ කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ. නමුත් අපි කොයි ලෙසකින්වත් එකම වෙඩිතැබීමක්වත් ලඝුකොට තකන්නෙ නෑ. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අනුව 2024. 09. 21 සිට 2025 මැයි 07 දිනය දක්වා සිදුවූ වෙඩිතැබීම් සංඛ්‍යාව – සංවිධානාත්මක ක්‍රියාකාරකම් මත වෙඩිතැබීම් 62 යි. අනෙකුත් වෙඩිතැබීම් 17යි. ඔක්කොම 79යි. මෙම සිදුවීම්වලින් සිදුවූ මරණ සංඛ්‍යාව – සංවිධානාත්මක ක්‍රියාකාරකම් මත වෙඩිතැබීම් 62 යි, මරණ සංඛ්‍යාව 47 යි, තුවාල 25 යි. අනෙකුත් අපරාධ ගණයේ වෙඩිතැබීම් 17යි, මරණ සංඛ්‍යාව 05යි, තුවාල සංඛ්‍යාව 10යි. එකතුව – වෙඩිතැබීම් 79 යි, මරණ සංඛ්‍යාව 52යි, තුවාල ලැබූ 35 යි”

ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (මැයි 09) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...