*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

මේ තමා අපේ රටේ දරුවො කොච්චර අනාරක්ෂිතද කියන එකේ වර්තමාන සංකේතය

තමන්ගෙ පාසලේ, ගුරුවරයෙක් අතින් අපයෝජනය වුණ දැරියක්ව පාසලෙන් අයින් කරගෙන යනකන් පාසල ඒ දැරියට වද දෙනවා.

තමන්ගෙ දුවව පාසලෙන් අයින් කරගෙන වෙන පාසලකට දානවා. ඇයට සිද්ධ වුණ කම්පනයෙන් ගොඩ එන්න උවමනා කරන මනෝවෛද්‍ය සහය ඇයට ලබා දෙන්න ගෙදරින් කටයුතු කරනවා.

දරුවෙක් කියන්නෙ දරුවෙක්. වැඩිහිටියෙක්ට පවා මානසික පීඩනය දරාගන්න අපහසු මොහොතක ජීවිතය අත් හරින්න උත්සහ ගන්න ලෝකයක, මේ පොඩි දුව දරාගත්ත වේදනාව, කම්පනය, පිළිකුල, බලාපොරොත්තු විරහිතබව අපිට හිතාගන්නවත් අමාරුයි.

ඇය ඔළුව උස්සන් එද්දි, මේ පාහර ගුරුවරයගෙ මිතුරා, ටියුෂන් ආයතනයේ අධිපති, ඔහුගේ ආයතනයට ටියුෂන් ආපු මේ දරුවව පන්තිය මැද නැගිට්ටවලා ලැජ්ජ කරනවා. අපහස කරනවා. අනිත් ළමයින්ටත් විස්තර දැනගන්න ඉඩ සලස්වනවා.

තමන්ට සිද්ධ වුණ අපහරණයක් තමන් තනියම දරාගන්න එකත් විශාල බරක්. ඒත් තමන් විශ්වාස කරන ලෝකයෙන් එහා ඉන්න තව අයට තමන් නිවුස් එකක් බවට පත්වීම, තමන්ගේ කම්පනය රස කර කර කතාවෙන සිදුවීමක් බවට පත්වීම දරුවෙක්ට නෙමෙයි වැඩිහිටියෙක්ටවත් දරාගන්න අමාරුයි. අම්ෂිකා මරණය තෝරගත්තා නෙමෙයි, අම්ෂිකාව මරණය වෙත තල්ලු කරා.

ඇගේ පාසල, විදුහල්පති, නරුම ගුරුවරයා, පාසලේ අනෙක් ගුරුවරු, ටියුෂන් ගුරුවරයා කියන මේ ඔක්කොම ඇයව ඝාතනය කරා ඇය ජීවතුන් අතර ඉද්දිම.

ඇය වෙනුවෙන් ඇගේ පවුල සහ හෘද සාක්ෂියක් සහිත මිනිස්සු යුක්තිය ඉල්ලද්දි ඒක ආණ්ඩුවට එරෙහි වීමක් හැටියට බාරගන්නෙ ඇයි? ආණ්ඩුව එච්චර බිඳෙන සුළුයිද? මේ සිදුවීම වෙනුවෙන් මිනිස්සු ලියද්දි, සද්ද නැතුව ඉඳලා, ටියුෂන් ගුරා NPP කොළඹ අපේක්ෂකයන්ගෙන් කෙනෙක් කියලා දැනගත්තම යුක්තිය ඉල්ලන්න මතක් වුණ අය ඉන්නවා. එයාලා හිටපුදෙන්. ආණ්ඩුවට ඒක අදාළ වෙන්න විදිහක් නැහැ. මේ යුක්තිය ඉල්ලන්නෙ දරුවෙක් වෙනුවෙන්. “ගැහැනු එක මිටට” වගේ සටන් පාඨ කියාගෙන, හරිනි අමරසූරිය අගමැති වීම නිසා අපිට බලාපොරොත්තුවක් තියේවි කියලා කියාගෙන බලයට ආපු, ආණ්ඩුවකින් තමයි මේ යුක්තිය ඉල්ල න්නෙ.

“මේ රටේ ළමා අපචාර වෙන්න පටන් ගත්තෙ NPP එක බලයට ආවට පස්සෙ නෙමෙයි. ඒක නිසා මේක NPP එක ආරම්භ කරපු යමක් නෙමෙයි. ඒත් මේ දරුවා වෙනුවෙන් යුක්තිය ඉල්ලුවම ඇයි ඒක ආණ්ඩුවට පහර දීමක් හැටියට ගන්නෙ? ඇයි මේ දරුවව මානසික ලෙඩෙක් ගාණට දාලා කතා කරන්නෙ? අපයෝජනයට ලක් වුණාට පස්සෙ මානසික කම්පනයකට මුහුණ නොදුන්න කවුරු හරි ඉන්නවනම් මටත් කියන්න” කියලා නීතිඥ Swasthika Arulingam ලියනවා.

දරුවොන්ගෙ වගකීම බාර මිනිස්සු අතර මේ රටේ ඉන්න ඉහළම පුරවැසියා, නිළධාරිනිය තමන්ගෙ බලය, උද්දච්චකම සහ නොසැලකිලිමත්කම කියන ඔක්කොම “එක මිටට” අරගෙන පාර්ලිමේන්තුවේ කතා කරනවා.

මිනිස්සු යුක්තිය ඉල්ලන්නෙ මේ ක්‍රමය විසින් මරා දාපු දුවෙක් වෙනුවෙන්. මේ ක්‍රමය විසින් නේද දැන් මේ පාහර ගුරුවරයව මඩකලපුවට මාරු කරලා යවලා තියෙන්නෙ? මේ ක්‍රමය විසින් නේද ටියුෂන් ගුරාව ආරක්ෂාව සහිතව තියලා තියෙන්නෙ. මේ ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවක නියෝජිතයො නේද වගක් විභාගයක් නැතුව මේ කියවන්නෙ? හැඟීමක් දැනීමක් නැතුව “පෙත්සම අරගෙන මං ගාවට ආවේ නෑ තාම” කියලා කියන්නෙ.

රටක සැබෑ තත්වය මනින්න වෙන්නෙ රටේ වඩාත් පීඩිතයාගේ පීඩිතභාවය දිහා බැලීමෙන් පමණයි. යුක්තිය කියන්නෙ මිනිස්සු සටන් කරලා දිනාගත යුතු යමක්. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ එයාලට යුක්තිය ගැන හැඟීමක් තියෙන බව දවස ගාණේ කියමින්. ඒ නිසා හැකිනම් මහින්ද, ගෝඨාභය, සහ රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී සහ බයියන්ගෙ වෙන්ඩ ලොක්කා නාමල් යුක්තිය දිහා බැලුවා වගේ බලන්නෙ නැතුව ඉන්න. යුක්තිය ඉල්ලන මිනිස්සුන්ව හතුරො වගේ නොබලා ඉන්න. යුක්තිය ඉල්ලන මිනිස්සු කියන්නෙ ප්‍රොජෙක්ට් කරන මිනිස්සු කියලා කිව්වෙ බයියො. පුළුවන්නම් තව බයි කණ්ඩායමක් නොවී ඉන්න.

හැකිනම්,
පාර්ලිමේන්තුවට ඇවිත් මේ ප්‍රශ්න ගැන කතා කරන ඔයාලගෙ නියෝජිතයන්ට, සාමාජිකයන්ට සහකම්පනය, මූලික අවබෝධය සහ ගෞරවය ගැන යම් අවබෝධයක් තියෙනවද කියලා පරික්ෂා කරලා බලන්න. මේ ළමා හා කාන්තා කටයුතු ඇමතිනිය කතා කරන්නෙ අපයෝජනය වුණ පොඩි දුවෙක් ගැන.

ඇය මේ ගැන කතා කළ යුතුව තිබුණෙ කෝපයෙන්, ආවේගයෙන්, වේදනාවෙන්, කම්පනයෙන්, ලැජ්ජාවෙන්. ඒ එකක්වත් දෙන්න බැරිනම් අඩුගාණේ සාමාන්‍ය සිහිබුද්ධිය දෙන්න. කරුණාකරලා!!

මේ ආණ්ඩුව බලයට එන්න කළින් කියපු කතා එයාලා කිව්වෙ සිහියෙන්නම්, ඇමතිනි නෙමෙයි අගමැතිනියයි යන්නෙ මේ අම්මයි තාත්තයි ළඟට. මේ ඉන්නෙ තමන් විශ්වාස කරලා යවපු පාසලේදි අපයෝජනය වුණ, ඒ කම්පනය සහ අපහස දරාගන්න බැරුව ජීවිතේ අත ඇරපු දුවෙක්ගෙ අම්මයි තාත්තයි. මේ තමා අපේ රටේ දරුවො කොච්චර අනාරක්ෂිතද කියන එකේ වර්තමාන සංකේතය. මේ තමා නිළ මුද්‍රාව.

මේ තමා ලැජ්ජාවේ සංකේතය!

Shame on all of you, each one of you!

~ ෂෙනු පෙරේරා
මැයි 09, 2025

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan