*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

මහින්දගේ ඉල්ලා අස්වීමේ මාධ්‍ය ප්‍රකාශය වෙනස් කර ඇත්තේ චිචී සහ වැලිවිට !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දිනයේදී ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේදීම තීරණය කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සකස් කළ මාධ්‍ය නිවේදනයෙන් එම කොටස කපා ඉවත් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ සහ අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේ ය.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට අදාළ මාධ්‍ය ප්‍රකාශය ඒ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේදී සකස් කරවා අද දිනයේදී නියමිත වේලාවට ප්‍රසිද්ධ කරන ලෙස රොහාන් වැලිවිටටත් ලබාදී තිබී ඇති අතර ඒ සියල්ල සැලසුම් කර යෝෂිත අද උදෑසන දිවයිනෙන් පිටව ගොස් ඇත.

යෝෂිත සිංගප්පූරුව බලා ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති අතර එම ගුවන් යානයෙන්ම ඇමති පිල්ලෙයාන් මහතා ද මැලේෂියාව බලා පිටව ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් අද දහවල් වනවිට රෝහිත රාජපක්ෂ මහතා රොහාන් වැලිවිට සමග එක්ව පෙරකී ඉල්ලා අස්වීමේ නිවේදනය වෙනස් කර එහි ඉල්ලා අස්වීම පිළිබඳ කොටස කපා ඉවත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අද දහවල් සිදුවීම් අතරේ අග්‍රාමාත්‍යවරයාගේ සමීප නිලධාරියෙකු පැමිණ “සර් දැන්වත් ඉල්ලා අස්වෙන්නෙ නැද්ද ?” යනුවෙන් විමසූ අවස්ථාවේදී “මම දැනටමත් අස්වෙලා ඉවරයි, අරුන් දෙන්නාට පිස්සු” යනුවෙන් පිළිතුරු දී ඇති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.

මේ අතර රෝහිත රාජපක්ෂ ද දිවයිනෙන් පිටව ගොස් ඇති බවක් වාර්තා වුව ද එය තහවුරු වී නොමැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan