මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට ජනතාව ගිනි තබයි – කුරුණෑගල නගරාධිපතිවරයාටත් ජනතා විරෝධය

Date:

ගෝඨාගෝ ගම නිර්පාක්ෂික විරෝධතාවයට ප්‍රහාරයක් එල්ලවීමත් සමග මේ වනවිට රටපුරා දැඩි උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මහමග බැස ආණ්ඩුවට විරෝධය පළකරන ජනතාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කරමින් සිටින බවද වාර්තා වේ.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට ගිනි තබා ඇති අතර ගින්නෙන් නිවසට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී මීරිගම නගරයේදී විරෝධතාකරුවන් අතට හසු වී තිබෙනවා. විරෝධතාකරුවන් විසින් නගරාධිපතිවරයාගේ වාහනය මහමග පෙරළා ඊට දැඩි අලාභ හානි සිදු කරමින් නගරාධිපතිවරයාට විරෝධය පළකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...