යුපුන් වසරේ පළමු පියවරෙන්ම ආසියාවේ හතට

Date:

ෆයිරෙන්ස් කෙටි දුර ධාවන සැණකෙළියේ මීටර් 200 තරගයට ඉදිරිපත් වෙමින් 2023 වසරේ ධාවන තරගවල ප්‍රවේශය සටහන් කළ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 20.60 න් හමාර කරමින් මේ වසරේ ආසියාතිකයින් වාර්තා කරන ලද හොඳම කාලයන් අතර හත්වන තැනට ප්‍රවේශ වෙන්නට සමත් වුණා.

තත්පර 20.37 ක් වූ මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාවේද හිමිකරු වන යුපුන් අබේකෝන් සම්බන්ධයෙන් ඔහු මීටර් 100 ඉසව්වට වඩා මීටර් 200 ඉසව්වේදි දක්ෂතා දක්වනු ඇති බවට පළ වූ අදහස් අනුව මෙවර එම ඉසව්වට වැඩි අවස්ථාවක් දිය හැකි බවට මෙම තරගයේදී මීටර් 200 ඉසව්ව තෝරා ගැනිම හැදින්විය හැකියි.

තරගවාරය ජයග්‍රහණයකින් ආරම්භ කිරිමට හැකි වීම ගැන සතුටට පත්වෙන බවත් එය අඛණ්ඪව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් පවසන යුපුන් නොකඩවා තමන් සමඟ රැදී සිටි සියල්ලට කරන ලද ආශිර්වාද,දිරි ගැන්විම් සහ සහයෝගය වෙනුවෙන් සුබ පතන අතරම එම ජයග්‍රහණය -0.1 ක් තරමේ ධාවනයට සහයක් නොමැති සුළං වේගයක් සමඟ සිඳු කළ එකක් බව ද සඳහන් කරයි.

වඩා තරගකාරී ධාවන තරගයකදී එල්ලවන අභියෝගයේ ස්වභාවය අනුව යුපුන් ඉදිරියේදී මීටර් 200 ජාතික වාර්තාව මෙන්ම මීටර් 100 තත්පර 10 සීමාවෙන් මෙපිටට රැඟෙන ආ ආකාරයෙන්ම මීටර් 200 ඉසව්වද තතපර 20 සීමාවෙන් මෙපිටට රැඟෙන එනු ඇතැයි යන්න අපේ විශ්වාසය වන අතර අපි ඒ සඳහා ඔහුට දිරිය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමු.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...