ප්‍රචණ්ඩත්වයට එරෙහි ජනාධිපති කොමිසමක් පත් කරන්න – කැබිනට්ටුව ජනපතිගෙන් ඉල්ලයි (VIDEO)

Date:

කොළඹ LNW:පසුගිය වසරේ මැයි 9 වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (09) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ප්‍රජාත්‍රන්තවාදී රටක යහපැවැත්ම රදා පවතින්නේ ව්‍යවස්ථාදායකය,විධායකය සහ අධිකරණය යන කුළුණු තුන මත වන අතර ව්‍යවස්ථාදායකය නීති හදන තැන වන බවත් මෙම උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ජාති ආගම් භේදයකින් තොරව මන්ත්‍රීවරු 225ක් සිටින බවයි අමාතයවරයා එහිදී කියාසිටියේ.

මෙම ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මහජන නියෝජිතයෙක් කුරිරු ලෙස වද දී මහ මගදී මරා දැමුණු බවත් පැය 12ක් තුළ මන්ත්‍රීවරු 72කුගේ නිවාස ගිනිබත් කර යන එන මං නැති කළ බවත් මහජන නියෝජිතයින් 800කට පමණ විවිධ ආකාරයේ වධ හිංසා සිදු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුවට මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නොමැති බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...