ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන Pulitzer Prizes වෙත ලංකාවෙන් නමක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ.

Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුම්, මහජන කෝපය, රජයේ ගොඩනැඟිලි අත්පත් කර ගැනීම, ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම සහ ජනතා ප්‍රීති ඝෝෂා ආදී කැපී පෙනෙන සිදුවීම් විශිෂ්ට ලෙස කැමරා කාචයේ සටහන් කර ගැනීමට අදාළව ය.

එරංග සමඟ අවසන් නාමයෝජනාවලට එක්වී ඇති අනෙකුත් ඡායාරූප පත්‍රකලාවේදීන් වන්නේ රෆික් මඛ්බුල් සහ ලින්සි අඩාරියෝ ය.

1978 අප්‍රේල් 11 වන දින උපත ලද එරංග ජයවර්ධන, තරුණ අවධියේදී ම ඡායාරූප පත්‍රකලාවේදයට ප්‍රවිශ්ට වන්නේ 1996 වර්ෂයේ ය.  ඡායාරූප පත්‍රකලාවේදී ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි කාලයක් පුරාවට අත්දැකීම් පිරි එරංග පාසල් වියේදී පටන් ම මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයකටම සම්බන්ධ වෙමින් මාධ්‍ය කලාවට සක්‍රිය සහභාගීත්වයක් දැක්වූ චරිතයකි.

තම ඡායාරූප පත්‍රකලාවේදී ජීවිතය තුළ සමාජීය හා දේශපාලනික වශයෙන් උණුසුම් සිදුවීම් රැසක් කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත්ව ඇති එරංග, ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) වෙත සම්බන්ධ වන්නේ 2002 වර්ෂයේ ය. 2004 සුනාමි ඛේදවාචකය, 30 වසරක සිවිල් යුද්ධය, මානව හිමිකම් උල්ලංඝනය වීම්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩා, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන ඇතුළු දෙස් විදෙස් උණුසුම් අවස්ථා රැසකට ආවරණය ලබා දී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඡායාරූපකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇති එරංග, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන, ගැටුම් සහ සාමය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.

19 වන සියවසේ අගභාගය වන විට දූෂිත දේශපාලනය, දූෂිත රාජ්‍ය පාලනය, සමාජ අරගල ආදී විෂයයන් සම්බන්ධයෙන් ඡායාරූපකරණය ආරම්භ කළ හංගේරියානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ජෝසෆ් පුලිට්සර් නම් මාධ්‍යවේදියාගේ කැපවීම පුලිට්ස්ර් ප්‍රයිසස් ත්‍යාග උළෙල ආරම්භ වීමට හේතු වී ඇත. ඇමරිකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වන ජෝසෆ් පුලිට්සර් එරට පුවත්පත් කලාව නව මඟකට යොමුකළ පුද්ගලයකු බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...