ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, වෛද්‍ය විජිත් ගුණසේකර ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඊයේ (09) දිනයේදී ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ඔහුව මෙම සිද්ධියේ 12 වැනි සැකකරු වශයෙන් නම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
RN
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/05/LNW-Newsroom-ad-at-the-bottom-Sin-1-49-1024x137.png)