වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති හි “පාස්පෝට් DC” උළෙලට 5000 ඉක්මවූ මහසෙනගක්….!

Date:

අශෝක ජයතුංග

මැයි 10, වොෂින්ටන් LNW :   ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහාපාන  “පාස්පෝට් DC 2024” සදහා මෙවර 5037 ක වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව “පාස්පෝට් DC වැඩසටහන” නිළ ලෙස ප්‍රකාශ කළේය. 

  

              යුරෝපයේ නොවන රටවල උළෙල 04 දා පැවැති අතර එම රටවල් 55ක තානාපති කාර්යාල අතර ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය  පළකොට තිබේ.

                 පැමිණි අයට ලංකාවේ රස කැවිලි උණුසුම් හා සීතකල තේ හා පිටවන විට රසකැවිලි හා තේ පාර්සල ද ලබාදුන්හ. “ග්‍රොසරි ලංකා” ඇතුළු පෞද්ගලික අංශය මගින් ලංකාවේ නිෂ්පාදිත බිස්කට් කුරුදු හා  පාන වර්ග ද ලබා දුන්හ.

       තවද කොත්තු ආප්ප හා කෙටි ආහාර ලබාගැනීමේ හා ලංකාවේ සංචාරය සදහා විස්තර ලබා ගැනීමේ පහසුකම් ද සපයා තිබිණ. බහු සංස්කෘතික කලා අංග බෙරවාදන සමග සළු පාලියට අදාළ යකෙකු ද සිටි අතර යකා සමග හා සරම හා ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව කැපී පෙණින. ඉන්දික අත්තනායක චතුරි කලුආරච්චි  අචිලා හා නන්දනී ගේ මෙහෙයවීමෙන් කලා අංග ඉදිරිපත් කෙරිණ. තවද කුටිල ප්‍රමුඛ සෙරන්ඩිබ් කණ්ඩායමේ සංගීතය හා ඩී. අයි. සේනාරත්නගේ සැක්සපෝන් වාදන උත්සවය වර්ණවත් කළේය. ලංකාවේ පරිසරය හා ජීවන පසුබිම එළිදැක්වූ සූර්යා පෙරේරා ශාන්ත වීරසිංහ හිරන්ති ද සිල්වා ලක්ෂිත කරුණාරත්න හා සංජය වර්ණසූරියගේ ඡායාරූප ද ජනතා ආකර්ෂනයට ලක්වූහ.

      තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු  නිළධාරීන් උත්සවය සංවිධානය කල අතර සංචාරක මණ්ඩලය ඊට අනුග්‍රහය දැක්වූහ.  SL එසෝෂියේෂන් වොෂි: DC,ලංකා කලා පදනම. අපේ කට්ටිය, SL රංග කලාකවය, බෙතෙස්ඩා අපි, Hospitels ser: cou:Greater Washington සංවිධාන වල  සහායද ලැබිණ.

      “විශාල ජනතාවක් පැමිණීමෙන් ලංකාවේ ප්‍රතිරූපය ඉහළ යනවා. තේ ඇගළුම් කුළුබඩු ඇතුළු අපේ නිෂ්පාදන වලට ඇමෙරිකාව තුළ ඇති වෙළෙද පොළ ද ලංකාවට යන ඇමෙරිකානු සංචාරකයන් සංඛ්‍යාව ද  ඉහළ යනවා. මේ සදහා කැපවූ තානාපති නිලධාරීන් හා සේවකයන් ගේ කැපවීම හා ස්වේච්ඡා සේවය ලබාදුන්  සංවිධාන 06 අගයනවා” තානාපති සමරසිංහ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...