මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි !

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මීට මඳ වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

ඒ, අද (10) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී ය.

මුජිබර් රහුමාන් මහතා 2020 මහමැතිවරණයේදී සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූ අතර 2023 වසරේදී ඒ මහතා කොළඹ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කිරීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අහෝසි වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා රහුමාන් මහතාව යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීමට එම පක්ෂය තීරණය කර තිබිණි.

ඒ අනුව ඒ මහතාව පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (09) නිකුත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...

සටන් විරාමයකට එකඟ වන්න: තායිලන්ත සහ කාම්බෝජ රජයන්ට ට්‍රම්ප්ගෙන් රතු එළි!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත -...