මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි !

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මීට මඳ වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

ඒ, අද (10) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී ය.

මුජිබර් රහුමාන් මහතා 2020 මහමැතිවරණයේදී සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූ අතර 2023 වසරේදී ඒ මහතා කොළඹ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කිරීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අහෝසි වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා රහුමාන් මහතාව යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීමට එම පක්ෂය තීරණය කර තිබිණි.

ඒ අනුව ඒ මහතාව පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (09) නිකුත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...