*
Monday, May 20, 2024
spot_img

Latest Posts

අතින් දී ජපන් හරහා ඔලිමිපික් යන්න හදයි….. කමෝන් තරුශි!කමෝන් කාලිංග!කමෝන් නදීශා!

සටහන – නිශ්මං රණසිංහ

මැයි 10, කොළඹ (LNW):ජපානය 1940 දී සිය රටට ලැබුණ ඔලිමිපික් තරගාවලිය පැවත්වීමට වඩා ලෝකය ඉදිරියේ සිය රණකාමීත්වය පෙන්වා දීම සඳහා දෙවන ලෝක යුද්ධයේ ඇලී සිටියේය.ඒ නිසා එම වසරේ ජපානයේ ටෝකියෝ හී දී පැවත්වීමට තිබුණ ඔලිම්පික් තරගාවලිය පින්ලන්තයේ හෙල්සිංකි නුවර පැවත්විණ.


ජපානයට යුද්ධයෙන් ඉතිරි වූයේ විනාශ වුණ රටක් සහ දුර්වල වූ ආබාධ සහිත ජනතාවක් පමණක්ය.ඒ එවකට සිටි යුදලෝලී සහ බලලෝභී ජපාන අධිරාජයා ජපාන වැසියාට දුන් දායාදයය.එසේම ජපානයේ හැසිරීම නිසා ආර්ථික සහ දේශපාලනික වශයෙන් ලෝකයෙන් දුරස් වී තිබූ ජපානය නැවත ලෝක දේශපාලනයේ වත්මන් භූමිකාව කරා එන ගමන ආරම්භ කරන්නේ 1951 දී නැවත ජපානය ලෝක අවධානයට ලක් කරමින් ජේ.ආර්.ජයවර්ධන කළ කතාවකින්ය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස සැන් ෆ්‍රැන්සිස්කෝ හී පැවති එක්සත් ජාතීන්ගේ සභා වාරයකදී ජේ.ආර්. වෛරයෙන් වෛරය නොසන්සිදේ යන බෞද්ධ උද්ධෘතය පාදක කර ගනිමින් පවසන කතාවේ හරය පහත ආකාරයට දැක් විය හැකිය.ශ්‍රී ලංකාවේ රබර් විනාශයට යුද්ධයෙන් වූ හානිය අය කර ගැනීම සදහා සටන් නොකරව බව පවසමින් ජේ.ආර් ලෝකයට කියූ මේ වචන ඉතා වැදගත්ය.(පසුව ඔහු ඒ මත පිහිටියේද යන්න මෙතැනට අදාළ නොවන සාකච්ඡාවකි)

“වෛරය නතර වන්නේ වෛරයෙන් නොව ප්‍රේමයෙන්” යන ආසියාවේ ගණන් කළ නොහැකි මිලියන සංඛ්‍යාත පිරිසකගේ පණිවිඩය ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ වචන අපි විශ්වාස කරන බැවිනි. එය දකුණු ආසියාව, බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම්, ඉන්දුනීසියාව සහ ලංකාව හරහා ද, උතුරු දෙසින් හිමාලය හරහා චීනයේ ටිබෙටය දක්වා ද මානවවාදී රැල්ලක් පතුරුවා හරින ලද බුදුදහමේ නිර්මාතෘ, ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන්ගේ පණිවිඩයයි. අවසාන වශයෙන්, ජපානය, වසර සිය ගණනක් තිස්සේ පොදු සංස්කෘතියක් සහ උරුමයක් සමඟ අපව බැඳ තැබුවේය. මෙම පොදු සංස්කෘතිය තවමත් පවතී, පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගී වීමට මා යමින් සිටියදී මා ජපානයට කළ සංචාරයේදී සොයා ගත් පරිදි; ජපානයේ නායකයන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පෞද්ගලික පුරවැසියන්ගෙනුත්, ඔවුන්ගේ විහාරස්ථානවල සිටින පූජකවරුන්ගෙනුත්, ජපානයේ සාමාන්‍ය ජනතාව තවමත් ඒ මහා සාම ශාස්තෘවරයාගේ සෙවණැල්ලේ බලපෑමට ලක්ව සිටින බවටත්, අනුගමනය කිරීමට කැමැත්තෙන් සිටින බවටත් හැඟීම මම රැස් කර ගත්තෙමි. එය. අපි ඔවුන්ට ඒ අවස්ථාව ලබා දිය යුතුයි.

ජපානය ගැන ලෝකය ඉදිරියේ කළ මේ කතාවෙන් පසුව නැවත ජපානයට ලෝක මිත්‍රත්වයේ දෑත හිමිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස 1952 දී ජපානය නැවත ඔලිමිපික් තරගාවලියට පිවිසෙන්නේය.වසර ගණනක් නැවතී තිබුණු ඔලිමිපික් සමඟ ජපානය එක්වන මොහොතේ එම තරගාවලියේ මීටර් 110 කඩුලු තරගයට ඉදිරිපත්ව මූලික වටයෙන්ම තරගයෙන් ඉවතට ගිය ද, මිචිටාකා කිනාමි නැවත ජපානය ලෝක ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමේදී දායකත්වය දැක් වූ විශිෂ්ඨයෙකි.ඔහු නමින් පවත්වන අනුස්මරණ ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලිය මැයි 12 වන දා, 11 වන වරටත් ඔසාකා හී නගාල් පිහිටි යන්මාර් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර අප ඉහත දක්වා ඇත්තේ ඒ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන්ය.

ඒ තරගාවලියේ 12 වන දින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධාවනයේ යෙදෙන ඉසව් ශ්‍රී ලංකා වේලාවෙන් පවත්වන්නට නියමිත වේලාවද මෙහි සඳහන් කර ඇත.ඒත් මේ සහභාගීත්වය සහ එයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබන ජයග්‍රහණ සහ පරාජයන්ට වඩා දේවල් මෙහිදී සාකච්ඡාවට ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ඩන්කන් වයිට් සහ මෑතක දී මිය ගිය නාගලිංගම් එදිරිවීරසිංහම් ලෝකය දන්න සහ ගරු කරන මලල ක්‍රීඩා ඉතිහාසයකට අයත් චරිතය.ලංකාව හෝ ලෝකය සම්බන්ධ කරගෙන ඒ නම් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවට ජපානය මට්ටමේ හෝ ග්‍රෝන් ප්‍රී තරගාවලයකට යන්න නොහැකිද? ඒවා ආණ්ඩු විසින් කතා කර දිය යුතු දේ නොවන බව අපි විශ්වාස කරන්නෙමු.පරිපාලන ඒකකවලට එවැනි උවමනාවන් තිබිය යුතුය.

ලංකාවේ අවසාන ඉලක්කය මේ කිසිවක් නොවේය.සමහර විට කුමන හෝ කණ්ඩායමක් ලංකාවේ විශිෂ්ඨතම මලල ක්‍රීඩකයින් සිටින කණ්ඩායම වුවහොත් එපමණකින් සෑහෙන්නේය.එය සුරතාන්තය තරම් රසවත්ව භාර ගන්නට සහ ඒ වෙනුවෙන් සව් දිය පුරන පිරිසක් සහ හුරේ තබන පිරිසක් අපට ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලෙස විශ්වාසයට ගැනීමට සිඳු වී ඇත.

මේ ජපානයට යන මලල ක්‍රීඩා කණ්ඩායම එහි යන්නේ තමන්ගේ මුදලින්ය.සාමාන්‍යයෙන් ලෝකයේ වෘත්තීය ක්‍රිඩක ක්‍රීඩිකාවන් කරන්නේ එසේය.එහෙත් ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රීඩකයන් නොමැත.ලොව පුරා තරග සොයමින් ඔලිමිපික් පරිසාධනයට යන්න දුවන්නට පනින්නට වත්කමක් නැති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රමාණය සුළු නැත.

බොහෝ විට මේ අය වෙනුවෙන් අවශ්‍යය සංචාරක කටයුතු කරන්නට ඒ මේ අත දුවන්නට වන්නේ ද ඔවුන්ටමය.අපට එවැනි තරගාවලියක් පවත්වන්න,ක්‍රීඩකයන්ට අවශ්‍යය පහසුකම් සපයන්න නොව ලෝකයෙන් හරි හැටි යන්න තියෙන කීඩා උළෙලවල් සඳහා වීසා ලබා දිය හැකි පරිපාලනයක් ද නැත.අපට ඇමෙරිකාව වීසා නොදෙන,එහෙම නැත්නම් දෙන්න පැකිළෙන රටක් වී ඇත.හැබැයි ජපානයට ඇමෙරිකාවට යන්න එසේ නැත.ඉල්ලු සැනින් වීසා ලැබිය හැකි පුරවැසි වටිනාකමක් ජපන් ජනතාවට ජපන් පාලකයින් ලබා දී ඇත.එයට මුල් වී ඇත්තේ,එසේත් නැත්නම් මුල පුරා ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය ලෝකයට විශ්වාසයට ගන්නැයි ඉල්ලීම කළ ජේ.ආර්.ජයවර්ධනය.එහෙත් ඔහුටත්,ඊට පසු සහ පෙර සිටි නායකයන් කිසිවෙකුටවත් ජේ.ආර්.ජපානයට ඇර දුන්න ලෝක දොරට සමීප වන අන්දමේ විශ්වසනීය පාලනයක් මෙරට ස්ථාපිත කරන්න නොහැකි වි ඇත.සියලු ආකාරයේ පාලකයෝ දේශපාලනයේ සිට ක්‍රීඩාව දක්වා විවිධ විෂය පද්ධතීන් තුළ ඒ යටතේ සිටින පිරිසට ලබා දී ඇත්තේ දුක හිතෙන පව්කාර ඉරණමකි.

මේ ඇත්ත ඇතුළේ ඒ අදක්ෂයන්ගේ අදක්ෂකමේ පාපයෙන් ගැලවී යා නොහැකි ක්‍රිඩා දක්ෂයන් වන කාලිංග කුමාරගේ දිව්වත්,තරුශි කරුණාරත්න දිව්වත්,නදීශා රාමනායක දිව්වත් දුවන්න වෙන්නේ තමන්ගේ දක්ෂකමෙන් අදක්ෂයන්ට රැස් වළලු හයි කර ගන්නටත් උපකාර කරමින්ය.
ජපානයට දුවන්න යන විට සහ බහමාස් යන්නට බැරි වුණ විට හිතෙන එකම දේ ලංකාව පිළිගත්ත ලෝකය ජපානය නැවත ලෝකයට භාර ගත්ත ද,මේ වන විට ඒ පිළිගත් ලංකාවේ පුරවැසියන්ව රටකට වීසා ගන්න ද නොහැකි සැකකාරයන් පිරිසක් කර ඇත.ඉතිං මේ සියල්ල උඩින් ලංකාව දිණුම් කියලා ලෝකෙට ඇහෙන්න කියන්න පුළුවන් විදිහට මේ රටේ තියෙන කුසීත පාලකයන්ව නින්දෙන් අවදි වෙන්න දුවපල්ලා යන්න කීමට ඇති එකම දේ ය.
කමෝන් තරුශි!
කමෝන් කාලිංග!
කමෝන් නදීශා!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan