එහෙම හිතුන හිතුන වෙලාවට යන්න දෙන්න බැහැ.පුහුණුව දුන්නේ හමුදාවේ සල්ලිවලින් – ආරක්ෂක රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:ත්‍රිවිධ හමුදාවට අයත් පොදු සමා කාලය වෛද්‍ය බලකායට ලබා නොදීමට හේතුව එය සුවිශේෂී සේවයක් වන අතර එම පුහුණුව ලබාදෙන්නේ හමුදාවේ අරමුදලින් වීම නිසා හිතුන හිතුන වේලාවට ඉවත්වීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මේ වන විට ලබා දී තිබෙන පොදු සමා කාලයට අදාළව එය අහිමි වී සිටින කණ්ඩායම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ.

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් ලබාදී ඇති පොදුසමා කාලය වෛද්‍ය හා සුවිශේෂී වෘත්තිය සෙබළුන් වෙත අදාල නොවන්නේ ඇයි සහ යුද්ධයක් නොමැති රටක සෙබළුන් සේවය හැර යන්නේ ඇයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා සිය ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඊට පිළිතුරු දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

”ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ඉස්සෙල්ලාම යුද්ධය තිබුණත් නැතත් හමුදාව හැර යාම ඕනෑම රටක සිද්ධ වෙන කාරණාවක්. ඒක ලංකාවට පමණක් සුවිශේෂි වු කාරණාවක් නොවේ. හැබැයි ඔබ තුමා කියන එක කාරණාවක් අපි පිළිගන්නවා. පහුගිය කාලයේ හමුදාව හැර යාමේ ප්‍රවණතාවයක් වැඩිපුර තිබුණා. නමුත් මේ වන විට මෙම තත්ත්වය අඩුවෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම වෛද්‍ය බළකායට මේ පොදුසමා කාලය අපි ලබා නොදෙන්නට හේතුව තමයි මේක සුවිශේෂි සේවයක්. විශේෂයෙන්ම සාමාන්‍ය සෙබළුන් ලෙස යුද්ධ හමුදාවට බැඳීලා මේ වෘත්තිමය සුදුසුකම ලබා ගන්නේ හමුදාවේ අරමුදලින්, රජයේ මුදල් වලින්. එතකොට අපිට හිතුන හිතුන වේලාවට මේ අයට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ.

ගරු මන්ත්‍රිතුමනි, එම නිසා මෙම තත්ත්වය අපිට ඉදිරියටත් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒවගේම පොදුසමා කාලය සම්බන්ධයෙන්, මේකත් විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා, ඉදිරියේදී පොදුසමා කාලය පිළිබඳවත් රජය, ආරක්ෂක අමාත්‍යාංශය සමාලෝචනයක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒවගේම, විශේෂයෙන් මට පසුගිය දවසක මුණ ගැසුනා, තොරතුරු දැන ගන්න ලැබුනා නාවික හමුදාවේ හිටපු නිලධාරියෙක් නාවික හමුදාවෙන් පැනලා ගිහිල්ලා, රට ගිහිල්ලා අද swimming pool එකක life guard කෙනෙක් විදියට වැඩ කරන බව. Better life style කියලා තමයි මේ අය යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැබැයි තත්ත්වය මේකයි. මේ රටේ ඉද්දි මේ අයට ගෞරවාන්විත සේවයක් තියෙනවා, හොද පහසුකම් තියෙනවා, සමාජ පිළිගැනීමක් තියෙනවා, හැබැයි මේ trend එකට අහුවෙලා දැන් ඇතැම් අය විශේෂයෙන් අපෙන් ඉල්ලා සිටිනවා නැවත ත්‍රිවිධ හමුදාවට බැදෙන්න. ඕක තමයි මේ trend එක කියන එකත් මේ වේලාවේ මතක් කරනවා. ඔබ තුමාට මීට වැඩිය සවිස්තරාත්මකව පිළිතුරක් දෙන්න මම සුදානම්. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විදියට මෙම ප්‍රශ්නය යොමු කළොත් ගරු මන්ත්‍රීතුමනි,” යනුවෙන් ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...