*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව!

කොළඹ LNW:චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය සභාපති ගීතා ගොපිනාත් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජිඇන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව ලින් ජිඇන් මහතා පෙන්වාදී තිබේ.

මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩිව අඩාල කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan