පලස්තීනයට අද වැදගත් දවසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (10) දින පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත නැවත සලකා බැලීම සඳහා පලස්තීනය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

එම අයදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවා ඇති බවද වාර්තා වේ.

මීට පෙර පසුගිය මාසයේ දී සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී ඇමරිකාව නිෂේධ බලය භාවිතා කර එය වැළැක්වූ අතර සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පලස්තීනයට සහයෝගය දැක්වීමේ ගෝලීය සමීක්ෂණයක් වනු ඇත.

පලස්තීනය දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙසයි කටයුතු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...