පලස්තීනයට අද වැදගත් දවසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (10) දින පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත නැවත සලකා බැලීම සඳහා පලස්තීනය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

එම අයදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවා ඇති බවද වාර්තා වේ.

මීට පෙර පසුගිය මාසයේ දී සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී ඇමරිකාව නිෂේධ බලය භාවිතා කර එය වැළැක්වූ අතර සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පලස්තීනයට සහයෝගය දැක්වීමේ ගෝලීය සමීක්ෂණයක් වනු ඇත.

පලස්තීනය දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙසයි කටයුතු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...