ආර්ථික අවපාතයෙන් බ්‍රිතාන්‍යය ගැලවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය ගෙවී ගිය වසර දෙකක වේගවත් වර්ධනය හේතුවෙන් ආර්ථික අවපාතයෙන් මිදුණු තත්ත්වයකට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි .

අද (10) උදෑසන නිකුත් කෙරුණු නවතම සංඛ්‍යාලේඛන අනුව පෙන්නුම් කෙරෙන්නේ එක්සත් රාජධානිය තවදුරටත් ආර්ථික අවපාතයක නොමැති බවයි.  

එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසන්නේ , ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය ආර්ථිකය 0.6% කින් වර්ධනය වූ බවයි.

පසුගිය වසර දෙක තුළ එරට ආර්ථිකය දුර්වල වර්ධනයකට තල්ලු වී තිබුණු අතර තුන්වන කාර්තුවේදී ආර්ථිකය 0.1% කින් සහ සිව්වන කාර්තුවේදී 0.3% කින් හැකිලීමෙන් පසු 2023 අවසානයේ දී රට අවපාතයකට ඇද වැටුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...