කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ඩීපී එඩියුකේෂන් පෙරට එයි. හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වා දෙයි !

Date:

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් අද (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිදුකරන ලදී.

එහිදී කාන්තාවක් යම්කිසි පාර්ශ්වයක් අතින් ශාරීරිකව හෝ වාචිකව හිංසනයට ලක්වන විට “මට හිරිහැරයක්” යන පණිවිඩය ලබාදීම සඳහා එක් අතක් පපුව හරහා හදවත ඉදිරියෙන් තැබීම, “ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයයි” යන පණිවිඩය ලබාදීම සඳහා අත්දෙකම පපුව හරහා තැබීම, හිංසනයට පාදක වූ පාර්ශ්වයට “මට සමාවන්න, මම එසේ නොවන්නම්” යන පණිවිඩය ලබාදීම සඳහා එක් අතක් නළල මත තැබීම යනුවෙන් හස්ත සංඥා තුනක් හඳුන්වාදෙන ලදී.

කාන්තා හිංසනයට එරෙහිව මෙසේ ප්‍රසිද්ධ හස්ත සංඥා තුනක් හඳුන්වාදෙන ලද්දේ ලොව පළමු වරට ය. ලොව මේ වනතෙක් තිබුණේ ප්‍රසිද්ධ හස්ත සංඥා 8ක් පමණක් වන අතර මෙම සංඥා තුනත් සමග එය 11ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම සයිබර් අවකාශය තුළ සිදුවන කාන්තා හිංසනයන්ට එරෙහිව මෙම හස්ත සංඥා තුන “ඉමෝජි” ආකාරයෙන් ද හඳුන්වා දෙන බවයි එහිදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...