කොළඹ නගර සභාව : මන්ත්‍රීලා බිලී බාගන්න ජයටම වැඩ. සුපිරි හෝටල්වල සාකච්ඡා පිට සාකච්ඡා

Date:

පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවල බලය පිහිටුවීම ගැන කතා කරද්දී වැඩිම අවධානය යොමුවෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභාවට.

මොකද, ජයග්‍රහණයේ සංකේතය හැටියට තියෙන්නේ කොළඹ මහ නගර සභාව නිසා. ඕක අල්ලාගන්න බැරිවුණොත් ඉතිරි ඒවාට මොනවා වුණත් තේරුමක් නැති සයිස් …

එහෙව් එකේ කොළඹ බලය අල්ලන්න මේ වෙනකොට ස්වාධීන කණ්ඩායම් සහ කුඩා පක්ෂ එක්ක ප්‍රධාන පක්ෂ දෙකේම ලොකු අය බරටම සාකච්ඡා පවත්වනවා ලු.

ආරංචියේ හැටියට පහුගිය දවස් තුනේම රාත්‍රී කාලයේ කොළඹ සුපිරි හෝටල්වල මේ ගැන සාකච්ඡා පිට සාකච්ඡා පවත්වලා තියෙනවා ලු දෙපැත්තෙන්ම.

නමුත් තවම අවසන් ප්‍රතිඵලයක් ගැන එකඟතාවකට ඇවිල්ලා නැති ලු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පස්සේ මේ ගැන අවසන් තීරණයක් ගන්න නියමිතයි කියලාත් ආරංචිමාර්ග කියනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...