රාණි දින 100 පසුකරමින් රිදී තිරයේ …

Date:

අසෝක හඳගමගේ අධ්‍යක්ෂණයක් වන “රාණි” චිත්‍රපටය දින 100 පසුකරමින් තවමත් සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කෙරේ.

ලයිකා ප්‍රඩක්ෂන්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ලාංකේය සිනමාවට නව නැම්මක් සනිටුහන් කර ඇති බව මෙසේ දින 100 ඉක්මවා ප්‍රදර්ශනය කිරීමට ලද හැකියාවෙන් පෙන්නුම් කෙරේ.

ඒ සම්බන්ධයෙන් අසෝක හඳගම මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.


එකම සිනමා හලක දිනසීයක් ප්‍රදර්ශනය කරනවා කියන්නේම මේ කාලේ ජයග්‍රහණයක්. මගේ චිත්‍රපටියක් බැනුම් අහනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. දැන් මගේ හොඳම චිත්‍රපටිය මේක නෙවෙයි අරක කියන අය ඒක ආපු කාලෙත් කිව්වේ ඔය කතාවම තමයි. ඒක හින්දා ඒවා ගැන හිත රිදවා ගන්න තරම් ඒ දෝෂාරෝපණ මට වැදගත් නෑ. මම කරන්නේ මට හොඳයි කියලා හිතෙන මට ඕනා චිත්‍රපටිය.

රාණි චිත්‍රපටියට ටික දෙනෙක් බැන්නට ගොඩක් අය බැලුවා. තාමත් බලනවා. තාමත් බනිනවා. 2025 අවුරුද්දේ සිනමාවේ අලුත් trend එකක් හැදුවා. ඒ ගැන සතුටුයි. විවිධ ශානරයේ චිත්‍රපටි ඇවිත් ඒවා සාර්ථක වෙනවා කියන්නේ සිනමාවේ නියැලි අපි කාටත් සතුටුවෙන්න පුළුවන් කාරණයක්.

හැමදෙයක්ම කඩා වැටිලා තියෙන රටේ ඒකම මදෑ සතුටු වෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...