පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව නව හමුදා මෙහෙයුම් දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානය විසින් අද(10)අලුයම ඉන්දියාවට එරෙහිව ඔපරේෂන් බුන්යාන් උල් මර්සූස් හෙවත් ඊයම් පවුර වශෙයන් නව හමුදා මෙහෙයුමක් දියත් කර ඇති බව නිවේදනය කර තිබේ.

ඉන්දියාව විසින් පසුගිය මාසයේ කාශ්මීරයේ පහල්ගම්හි හින්දු සංචාරකයන් 26 දෙනෙකු මරා දැමීමට ප්‍රතිචාර වශයෙන් පසුගිය මැයි මස 07 වන දා පකිස්ථානයෙන් නූර් ඛාන් කඳවුර, මුරිඩ් කඳවුර සහ ෂෝර්කොට් කඳවුර ඉලක්ක කරගනිමින් දියත් කරන ලද මිසයිල ප්‍රහාර වලට පලිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවයි, එරෙට හමුදා ප්‍රකාශක අහමඩ් ෂරීෆ් චෞද්‍රි නිවේදනය කර තිබුණේ,

මෙම හමුදා මෙහෙයුම මඟින් පන්ජාබ්හි පතන්කොට් හමුදා ගුවන් තොටුපළ සහ ඉන්දීය පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ උදම්පූර් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගෙන තිබු අතර ඉන්දීය කාශ්මීර නගරයක් වන ශ්‍රීනගර්හි ද විශාල පිපිරීම් වාර්තා වී ඇත.

මේ සමබන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, ඉන්දීය හමුදා සියලු ගුවන් තර්ජන නිරීක්ෂණය කර ප්‍රති-ඩ්‍රෝන පද්ධති භාවිතා කරමින් ඒවා වලක්වූ බවයි.

කෙසේ නමුත් මේ වන විට ඉන්දියාව රටේ උතුරු හා බටහිර ගුවන්තොටුපළ 32 ක් එළඹෙන මැයි 15වන දින දක්වා වසා දමා ඇති අතර රාවල්පින්ඩි සහ අනෙකුත් ප්‍රධාන හමුදා කඳවුරු වෙත ඉන්දියාව එල්ල කළ ප්‍රහාර සහ ඊට සාපේක්ෂව පාකිස්තානයේ ප්‍රති-ප්‍රහාරය දියත් කිරීම, ඔවුන්ගේ ගැටුමේ මෙතෙක් ඇති වූ දරුණුතම උත්සන්න වීම සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...