ඩුබායි බලාපොරොත්තු සුන් වෙයි.යෝධසිංහගෙන් යෝධ ධාවනයක්

Date:

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ඩුබායි පොලිස් ක්‍රීඩාංගණයේ පැවති ඩුබායි ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටි දක්ෂතා ඉදිරිපත් කරන්නට අපොහොසත් වුණා.ආබාධ සුව වීමෙන් ඉනික්බිතිව කලෙකට පසුව ධාව පථයට පිවිසි යුපුන් අබේකෝන් තමන් සහභාගි වූ මීටර් 100 ධාවන තරගයේදී පසුවන ස්ථානයට පත් වුණා.ඔහුට එහිදී වාර්තා කරන්නට හැකි වූ කාලය තත්පර තත්පර 10.39 ක් ලෙස සටහන් වුණා.
යුපුන් පෞද්ගලික ඉසව්වේදී යම් පසුබෑමක් පෙන්වුව ද,චමත් යෝධසිංහ ඔහු සහභාගි වූ දෙවන මිටර් 100 තරගයේදී ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණා.ඔහු එහිදී ප්‍රගතියක් පෙන්වමින් තත්පර 10.27 න් තරගය නිමා කරන්නට සමත් වුණා.යුපුන් සහභාගි වූ තරගයේදී ජයග්‍රහණය කළ අලි අල් බලූෂී වාර්තා කළ තත්පර 10.19 හැරුණු විට යෝධසිංහගේ කාලය ඩුබායි තරගාවලියේ මීටර් 100 වෙනුවෙන් වාර්තා වූ හොඳම කාලය ලෙස ද සටහන් වුණා.


මීටර් 100 තරගය සම්බන්ධයෙන් ද විශාල බලාපොරෙත්තුවක් ශ්‍රී ලංකාව කෙරෙහි තිබුණ ද,ශ්‍රී ලංකාවට හිමි වුණේ සිව්වන තැනයි.එහෙත් එය හොඳ ආයෝජනයක් ලෙස සැළකිය හැකියි.එහිදී ද යුපුන් තමාගේ හොඳම දක්ෂතා සහිතව නිවැරදි රිද්මයේ සිටියානම් ශ්‍රී ලංකාවේ ඉරණම මීට වඩා සුබදායක ලෙස වෙනස්වීමට ඉඩ තිබුණා.කෙසේ වුවත් දකුණු ආසියාතික තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු යම් කිසි ආකාරයකට තැති ගන්වමින් ඉන්දියාව මේ තරගයේදී කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කර ප්‍රථම සහ තෙවන ස්ථාන දිනා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...