ආණ්ඩුව තවත් සුපිරි වාහන 27ක් විකුණන්න ලංසු කැඳවයි!

Date:

කොළඹ LNW:අධි සුඛෝපභෝගී සහ ඉවත් කරන ලද වාහන 27ක් විකිණීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ලංසු තැබීමේ දෙවැනි අදියර ආරම්භකර තිබේ.

1991 සහ 2016 අතර කාලය තුළ නිෂ්පාදනය කරන ලද මෙම වාහනවලට ඉහල කාර්යක්ෂමතාවෙන් යුතු මාදිලි රැසක් ඇතුළත් වන අතර, එම වාහන අතරට BMW මෝටර් රථ දෙකක්, Ford Everest SUV වර්ගයේ රථ දෙකක්, Hyundai Terracan SUV රථයක්, Land Rover SUV රථ දෙකක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් මෝටර් රථ තුනක්, S Nissan පෙට්‍රල් මෝටර් රථ දෙකක්, Casyang වර්ගයේ මෝටර් රථ දෙකක්, Rexton SUVs, Land Cruiser Sahara SUV රථයක්, V08 ‍රථ හයක් සහ Mitsubishi Rosa වායුසමනය කළ බස් රථයක් ඇතුළත් වෙයි.

මේ සඳහා ටෙන්ඩර් ලියකියවිලි මැයි 14 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි මුල්‍ය අංශයෙන් රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ලබාගත හැකි අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට එදින දක්වා ජාවත්ත පාරේ අංක 93 සළුසල පරිශ්‍රයේ තිබෙන වාහන පරීක්ෂා කිරීමටද හැකියාව පවතියි.

මෙම වෙන්දේසි වැඩසටහනේ පළමු අදියර සාර්ථකව සිදුකර ඇති අතර එහිදී සුඛෝපභෝගී වාහන 14ක් ඉවත් කරන ලද වාහන 6ක් සහ විවිධ අමතර කොටස් අලෙවි කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...