දරුවන්ට සිදුවන අපරාධ වැළක්වීම වෙනුවෙන් බහුආංශික යාන්ත්‍රණයක්!

Date:

කොළඹ LNW:දරුවන්ට සිදුවන අපරාධ වැළක්වීම වෙනුවෙන් බහුආංශික යාන්ත්‍රණයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ ඊට අදාළව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිතත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ එහි අනුබද්ධිත ආයතන වන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් , අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරනු ලබන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බහු ආංශික සාකච්ඡාවක් පවතී බවයි.

එහිදී පසු ගිය අප්‍රේල් 29 වන දින සිදු වූ කොටහේන දැරියගේ සිය දිවි හානි කරගැනීමේ සිදුවීමට අදාළ සියලූ ආයතන මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පොලිස් විමර්ශන පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදු කර ඇති අතර එම විමර්ශන කටයුතු විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීමට අමාත්‍යවරිය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

සෑම පද්ධතියකම සිදුවන දරුවන් සම්බන්ධ අපරාධ කඩිනමින් විමර්ශනය කිරීම සඳහා අදාළ අංශ සියල්ලටම එකවර වාර්තා වීමේ යාන්ත‍්‍රණයක අවශ්‍යතාව එහිදි පැහැදිලි කර ඇති අතර විමර්ශන කටයුතුවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගැනීම වෙනුවෙනුත්, ආයතන අතර විනිවිදභාවය පවත්වාගෙන යාම වෙනුවෙනුත් යාන්ත්‍රණයක් ගොඩනැගීමේ සහ එක් එක් ආයතනවල පූර්ණ වගකීමකින් සහ වගවීමකින් යුතුව මැදිහත්වීමේ අවශ්‍යතාව ද සාකච්ජා කර තිබේ.

ඒ සඳහා ඉහත සියලූ ආයතන නියෝජනය කරන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමටත් යෝජනා වී ඇත.

නැවත එවැනි කණගාටුදායක තත්ත්වයකට දරුවෙකු පත් වීම වැළැක්වීමට සහ දරුවන් සෑම අතින්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් බහුආංශික ප්‍රවේශයක් ලබා ගනිමින් එක් එක් ආයතන වෙන් වෙන්ව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් එකාබද්ධතාවයකින් යුතුව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය මූලික පියවර පිළිබඳවද කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...