කඩල බෙදන්න ගිය ශෂීට විමල් ජාතිය අමතලා !

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කඩල දන්සැලේ කඩල බෙදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ සහභාගී වී සිටීම පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ දැඩි උපහාසයට ලක්වී තිබිණි.

ඊට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමල්ට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ පුවතත් අනාවරණය වීමෙන් අනතුරුව තත්වය තවත් බරපතළ වූ අතර මේ පිළිබඳව දැඩි කෝපයට පත් විමල් වීරවංශ මහතා සිය බිරිඳට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිය හිතවතෙකු සමග අදහස් දක්වමින් වීරවංශ මහතා පවසා ඇත්තේ “මේ ගෑණි මගේ පොතත් කෑවා, ඔක්කොම කෑවා මේ වැඩෙන්” කියාය.

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් පොතකුත් ලියා, ඒ ඔස්සේ මෙරට ඇමරිකානු තානාපතිනියටත් චෝදනා එල්ල කර මාධ්‍ය ඔස්සේ පුවත් මවමින් සිටි වීරවංශ මහතාට ඒ අතරේම මේ අකරතැබ්බය සිදුවීම ඔහුගේ දැඩි කණගාටුවටත් කෝපයටත් හේතුවී ඇත.

කෙසේවෙතත් ශෂී වීරවංශ මහත්මිය මේ දෝෂාරෝපණය හමුවේ පවසා ඇත්තේ “මම එහේ ගිය එකක් නෑ. මහින්ද ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු ලේකම් රත්නායක අයියා තමයි මාව එතෙන්ට එක්කන් ගියේ. දන්සැලක් නිසා ඉතින් මමත් කඩල බෙදුවා” යනුවෙනි.

මේ නිදහසට කාරණය පිළිගෙන නොමැති විමල් වීරවංශ මහතා නැවත වතාවක් රාත්‍රියේ තරමක් සප්පායම් වී ශෂී වීරවංශ මහත්මියට හොඳටම ජාතිය අමතා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...