කාලයක් තිස්සේ අන්තර් ජාතික ක්‍රිකට් තරග සඳහා භාවිතයට නොගත් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්දින තරග තුනක් සදහා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියේදී භාවිතයට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
ජූනි 2,4 සහ 7 යන තෙදින තුළ පැවත්වීමට නියමිත මෙම එක්දින තරග තුනම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.
සටහන – නිශ්මං රණසිංහ