*
Friday, November 22, 2024
spot_img

Latest Posts

කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ ෆයිල් වගයක් අතුරුදන් !

පසුගිය සඳුදා දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 5 හි ලිපිගොනු කිහිපයක් අස්ථානගත වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ (EPF, ETF) නඩු සම්බන්ධ ලිපිගොනු වගයක් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අධිකරණය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ නිලධාරීන් පස් දෙනෙකුට ස්ථාන මාරු ද ලබාදී ඇති බවත් ආරංචිමාර්ග සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නිර්නාමික පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ ඔස්සේත් විමර්ශනයක් සිදුකෙරෙන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan