*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කඩල බෙදන්න ගිය ශෂීට විමල් ජාතිය අමතලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කඩල දන්සැලේ කඩල බෙදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ සහභාගී වී සිටීම පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ දැඩි උපහාසයට ලක්වී තිබිණි.

ඊට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමල්ට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ පුවතත් අනාවරණය වීමෙන් අනතුරුව තත්වය තවත් බරපතළ වූ අතර මේ පිළිබඳව දැඩි කෝපයට පත් විමල් වීරවංශ මහතා සිය බිරිඳට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිය හිතවතෙකු සමග අදහස් දක්වමින් වීරවංශ මහතා පවසා ඇත්තේ “මේ ගෑණි මගේ පොතත් කෑවා, ඔක්කොම කෑවා මේ වැඩෙන්” කියාය.

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් පොතකුත් ලියා, ඒ ඔස්සේ මෙරට ඇමරිකානු තානාපතිනියටත් චෝදනා එල්ල කර මාධ්‍ය ඔස්සේ පුවත් මවමින් සිටි වීරවංශ මහතාට ඒ අතරේම මේ අකරතැබ්බය සිදුවීම ඔහුගේ දැඩි කණගාටුවටත් කෝපයටත් හේතුවී ඇත.

කෙසේවෙතත් ශෂී වීරවංශ මහත්මිය මේ දෝෂාරෝපණය හමුවේ පවසා ඇත්තේ “මම එහේ ගිය එකක් නෑ. මහින්ද ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු ලේකම් රත්නායක අයියා තමයි මාව එතෙන්ට එක්කන් ගියේ. දන්සැලක් නිසා ඉතින් මමත් කඩල බෙදුවා” යනුවෙනි.

මේ නිදහසට කාරණය පිළිගෙන නොමැති විමල් වීරවංශ මහතා නැවත වතාවක් රාත්‍රියේ තරමක් සප්පායම් වී ශෂී වීරවංශ මහත්මියට හොඳටම ජාතිය අමතා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan