බිත්තර ප්‍රශ්නය විසඳන්න ඇමති අමරවීරත් මැදිහත් වෙයි!

Date:

කොළඹ LNW:බිත්තර සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු සියලු පාර්ශ්ව රැස්කර විසඳීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැදිහත් වී තිබේ.

ඒ අනුව රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව පැන නැගී ඇති කරුණු අවධානයට ගනිමින් බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර සියලු පාර්ශ්ව එක්ව ගැටලුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමටයි තීරණය කර ඇත්තේ.

බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලම සහභාගිත්වයෙන් එම සාකච්ඡාව ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පවත්වා තිබේ.

මෙහිදී මහින්ද අමරවීර මහතා අවධාරණය කර ඇත්තේ මෙම අවස්ථාවේ දී සියලු පාර්ශ්ව එක්ව කටයූතු කළ යුත්තේ රටේ පවතින බිත්තර හිඟය තුරන් කරලීම මෙන්ම ජනතාව මුහුණ දී සිටින පෝෂණ ඌනතාවලට පිළිතුරු සෙවීම විනා ගහමරා ගැනීම නොවන බවයි.

ඒ අනුව බිත්තර හිඟය අවසන් කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත්,කෙටිකාලයක් තුළ නැවතත් ර‌ට බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

දැනට වෙළෙදපොළෙහි පවතින බිත්තර හිඟය තුරන් කරලීම සඳහා නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම දෛනික බිත්තර අවශ්‍යතාව සම්පූර්ණ වන තෙක් බිත්තර ආනයනය කිරීම යන කරුණු සම්බන්ධව ද තීරණ කිහිපයක් ගෙන ඇත.

(1) ආනයනය කරන ලද බිත්තර එක් දිනක් තුළ වරායෙන් නිදහස් කිරීම සඳහා සිදුකරන සාම්පල පරීක්ෂාව සඳහා අවශ්‍ය බිත්තර සාම්පල කඩිනමින් ලබා ගැනීම.
(2) දැනට මව්සතුන් ආනයනය කිරීම හා කුකුළු පැටවුන් අවශ්‍ය තරම් කුකුළු ගොවිපොළවලට ලැබෙන බැවින් දෙසැම්බර් මාසය වනවිට දැනට පවතින දේශීය බිත්තර හිඟය තුරන් කිරීමේ ඉලක්කය ජය ගැනීම,
(3) සත්ත්ව ආහාර සඳහා සහල් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම.
(4) බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීම සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කර තීරණයක් ගැනීම.
(5) සියලු අංශවලින් සමන්විත කමිටුවක් පත් කර මාසිකව රැස්වී දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ සාමුහිකව ගැනීම.
(6) ආනයනික බිත්තර තවදුරටත් බේකරි හා හෝටල් කර්මාන්තය සඳහා පමණක් ලබා දීම හා සිල්ලර වෙළෙඳපොලෙහි අලෙවියට ඉඩ නොදීම.
(7) බිත්තර ආනයනයේ දී විශේෂයෙන් කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද නිර්දේශ තවදුරටත් ක්‍රියාත්මක කිරීම, එම තීරණ වෙයි.

සාමාන්‍යයෙන් දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07ක් වන අතර මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව දෛනික බිත්තර අවශ්‍යතාවය සඳහා පවතින හිඟය මිලියන 1.4ක් පමණය.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එහිදී සඳහන් අකර ඇත.

කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...