*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 181 වැනි ස්මාර්ට් පන්ති කාමරය දිවුලපිටිය නවාන විද්‍යාලයට (VIDEO)

අයි. එම්. එෆ්. මැදිහත්වීම තුළ දෙස්විදෙස් ණය බිලියන 100ක් ඇති බංකොලොත් අප රටට විරාමයක් ලැබී ඇති බවත් මේ කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කරන විට යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍රීයව නව බැඳුම්කරයක් ලබා දෙන්න යෝජනා වී ඇති බවත් පවතින රජය යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ හොත් පොලි අනුපාතයේ අඩුවක් කරන්න ඔවුන් සූදානම් නමුත් රජය මේ ගැන ප්‍රතිචාර දක්වා නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අවස්ථාවේ තමා රටේ නායකයා නම් එම අභියෝගය බාර ගෙන හොරු අල්ලන, දූෂණය වංචාව නවත්වන, කතා කිරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙන, මැතිවරණ කල් නොයන, මානව අයිතිවාසිකම් ආරක්ෂා වන යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන බවත් එවැනි යහපත් රාජ්‍ය පාලනයක් හරහා ණය දුන් පිරිස විසින් පොලි අනුපාත කපා හරින බවත් මේ යෝජනාව එන විට රටේ වත්මන් පාලකයන් නිශ්ශබ්ධ බවත් ඊට හේතුව බංකොලොත් රටෙත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ජීවන බර වැඩි කර තරගයට හොරකම් කිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ යහපත් රාජ්‍ය පාලන කේන්ද්‍රීය නව බැදුම්කර ගිවිසුමකට යාමට සූදානම් බවත් එය රටේ ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් මේ තුළින් රටටත් ජනතාවටත් සහන සැලසෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 181 වැනි අදියර යටතේ ගම්පහ දිවුලපිටිය නවාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 117,7000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

විවාද ද්විත්වයටම අපි සූදානම්

මේ වන විට රට ආර්ථික පැත්තෙන් කඩා වැටී ඇති මොහොතක ජනතාව විසදුම් සොයන බවත් මේ අවස්ථාවේ සමගි ජන බලවේග ආර්ථික කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කණ්ඩායමයි අතර විවාදයකට නලින් බණ්ඩාර මහතා ආරාධනා කළ බවත් ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් පැත්තෙන් නායකයන් අතරත් විවාදයක් අවශ්‍ය බවට පැවසූ බවත් තමා මේ විවාද ද්විත්වයටම සූදානම් නමුත් ඔවුන් ආර්ථික කමිටුවේ විවාදය කිරිමට සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට රට සවාරි ගහන පුරුද්දක් නැහැ

එයට හේතුව ඔවුන්ට ආර්ථිකය ගැන වැඩපිළිවෙළක් නොමැති වීම බවත් බංකොලොත් රටක හැංගිමුත්තන් දේශපාලනය සුදුසු නොවන බවත් විවෘත, අවංක විය යුතු බවත් රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කළ යුතු බවත් තමා ඊට අදාළ දැක්ම දර්ශනය හා වැඩපිළිවෙළ මහපොළොවේ ඔප්පු කර ඇති බවත් විකල්ප කණ්ඩායම්වලට වඩා සමගි ජන බලවේගය මේ දෙකටම සූදානම් බවත් එසේ නොමැතිව විවාදවලින් පැනල විදේශ රටවල සවාරි ගහන පුරුද්දක් නොමැති බැවින් මේ විවාද දෙකටම සූදානම් බවත් ඒ සඳහා අපක්ෂපාතී මැදිහත්කරුවන් තෝරා ගෙන රටේ ජනතාව අපේක්ෂා කරන ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ඉදිරිපත් කිරීමට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මචං ෆිට් එකෙන් ණය නොගෙවා ඉන්න බැහැ

තමා කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවත් තමාට වැඩ කරන දක්ෂ පක්ෂ හපන්කම් ඇති සුපිරි කණ්ඩායමක් ඇති බවත් විකල්ප කණ්ඩායම් කියන ආකාරයට මචං ෆිට් එකෙන් ණය නොගෙවා සිටිය නොහැකි බවත් එවැනි විහිලු කතාවලින් රටට විසදුම් නොලැබෙන නිසා වැටුණු ප්‍රපාතයෙන් ගොඩ එන්න නිවැරදි තීන්දු ගත යුතු බවත් 2019 මෙන් තවදුරටත් මෝඩ තීන්දු නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දි අවධාරණය කළේය.

සදාකාලික සහනාධාර ලබා දුන් යුගය නතර කළ යුතුයි

මෙරට පොදු ජනතාව දුප්පත්කමින් පෙළෙන බවත් ඉන් ජනතාව ගොඩගත යුතු බවත් සදාකාලිකව සහනාධාර ලබා දුන් යුගය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති නිසා කාලවකවානු සහිතව දුප්පත් ජනතාවට ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දී පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන අවස්ථා ශක්තිමත් කිරීම තුළ කෙටිකාලයක් තුළ දුප්පත්කමින් නැගී සිටිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 181ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1996ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan