අහුංගල්ලේ තවත් වෙඩිතැබීමක්. දින තුනට ඝාතන දෙකයි !

0
149

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය නිවසේ මිදුලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මීට දින දෙකකට පෙර (08) ද අහුංගල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබිණි.

RN