පළමුවරට එජාපයේ නොවන කාන්තාවක් කොළඹ නගරාධිපති ධුරයට

Date:

පවතින තත්වය අනුව කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට හිමිවනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

කොළඹ මහ නගරසභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර තරගයක් නිර්මාණය වී පැවති අතර දෙපාර්ශ්වයම ඊට අදාළව සාකච්ඡා පිට සාකච්ඡා පවත්වමින් සිටි ආකාරයත් පසුගිය දින කිහිපයේ දක්නට ලැබිණි.

කෙසේවෙතත් මේ වනවිට කොළඹ බලය ඇල්ලීමේ හැකියාව විපක්ෂයෙන් ගිලිහී ගොස් ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුඩා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සජබ සමග එක්වීමට එකඟ නොවීම බව සඳහන්. එසේම සජබට තනිව ලැබී ඇත්තේ ආසන 29ක් පමණක් වීම නිසා බහුතරය ලබාගැනීමට විශාල ආසන සංඛ්‍යාවක් පිටින් ලබාගැනීමට සිදුව තිබීම මුල සිටම ගැටලුකාරී වී තිබුණු බවත් සඳහන්.

මේ වනවිට ස්වාධීන කණ්ඩායම් සහ කුඩා පක්ෂ කිහිපයක් ආණ්ඩුවට සහාය දීමට ඉදිරිපත්ව සිටින අතර නගරාධිපති ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවට නොපැමිණ එය මගහැර සිටීමට සජබ නගරසභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද තීරණය කර ඇති බවත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව පළමු වරට කොළඹ නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ නොවන කාන්තාවකට හිමිවීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...