හොරු හිටිය නම් හිත හදාගන්නවත් තිබ්බ…

මේ සුවිසල් අනතුරින් පස්සේ ලංකාවේ අශෝක් ලේලන්ඩ් සමාගම බලයිද කොහොමද මේ අනතුර වුණේ කියල. රථයේ මොන අඩුපාඩු නිසාද මෙවන් විපතක් උනේ කියල. අපි කියමු රියදුරුට නින්ද ගියා කියල. ඒත් අනතුරකින් ජීවිත රැකෙන විදියට මොනවද මේ බස් එකේ තිබ්බ විශේෂ නිරාපදා ක්‍රියාමාර්ග (safety measures)?

එහෙම අනතුරකින් පස්සේ ඔය BMW වගේ සමගම් තමන්ගේ වාහන ආපසු ගෙන්වා ගන්නවා මම අහල තියනවා. නැවත ඒ වැරදි නිවැරදි කිරීමකින් තොරව ඒ වාහන ධාවනයට යොදන්න දෙන්නේ නැහැ. නමුත් අපි හෙටත් නගින්නේ වැහි වරුසාවට තියන ලේලන්ඩ් වලම තමයි.

කොහොමත් යුරෝපීය වාහන කියන්නේ ධාවන වියදම වැඩි උනත් ආරක්ෂාව ප්‍රමුඛ වෙච්ච වාහන. අපිට ඒ බස් ගෙන්න ගන්න සල්ලි නැහැ තමයි.

ලොරි චැසි වලට බස් බොඩි ගැහුව පොදු ප්‍රවාහනය නතර කරනවා කියල තමයි මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ චන්දෙ ගත්තේ. දැන් බස් එකේ ගිය අම්මල පොලොව බදාගෙන වැළපෙනවා. ඒ හොරු නැති ලෝකෙක.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...