තත්වය අතිශයින් බැරෑරුම්. සාමාන්‍ය ජනතාව පිළිගන්නා විසඳුමක් ඉක්මනින් අවශ්‍යයයි – BASL සභාපති

Date:

රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

“පසුගියදා මුදල් අමාත්‍යවරයා කිව්වා අපේ සංචිතයේ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නෙ ඩොලර් මිලියන 50යි කියලා. ඒ කියන්නෙ එක තෙල් නැවක් ගෙනාවාම ඒක ඉවරයි. ඉතින් මේ බරපතළ තත්වය තියෙද්දී තමයි මේ 09 වෙනිදා සිදුවීම වෙන්නේ. ඒ ප්‍රකෝපකාරී සිදුවීම ආරම්භ කරන්නේ මේ බරපතළ තත්වය මේ රටේ තියාගෙන. ඉතින් දේශපාලන අස්ථාවරභාවය සති ගණන් යන්න බැහැ. තව සති කිහිපයක් මේ අස්ථාවරකම පැවතුණොත් ඒකෙ තියෙන බරපතළකම අති විශාලයි. ඒ නිසා මේකෙ තියෙන අතිශයින් බැරෑරුම්කම තේරුම් ගන්න ඕනෙ අපි හැමෝම. අපි මොනවා කිව්වත් ඒ බැරෑරුම්කම තේරුම් ගන්නෙ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න බෑ. ඒ නිසා තමයි මේ රටේ දේශපාලනඥයින් විසඳුම් හොයන්න ඉක්මන් වෙන්න ඕනෙ. අවාසනාවකට අපි දැක්කා මේ රටේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වුණේ අප්‍රේල් 04 වෙනිදා. එතැන් සිට අපි දැන් මාසෙකටත් වැඩි කාලයක් තිස්සේ මේ ගැන තර්ක විතර්ක කර කර ඉන්නවා විසඳුමක් ගේනවා වෙනුවට. පාර්ලිමේන්තුවේ දිගින් දිගට අපි කතා කර කර ඉන්නවා, නමුත් ඇත්තටම විසඳුමකට එන්නෙ නෑ. ඉතින් ඒ ඇතිකරන විසඳුම භූමියේ, පොළවේ පිළිගන්න පුළුවන් විසඳුමකුත් වෙන්න ඕනෙ. විශේෂයෙන්ම 09 වෙනිදා සිද්ධිවලින් පස්සෙ මේ රටේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරන විසඳුමක් වෙන්න ඕනෙ. එවැනි විසඳුමක් නැත්නම් මම හිතන්නෑ දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න පුළුවන් කියලා”

සාලිය පීරිස් මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...