ඇඳිරි නීතිය ඉවත් කළොත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්! (VIDEO)

Date:

පසුගිය මැයි 07 වැනිදා වන විට ඩීසල් තොග අවසන් වීමත් සමඟ හෙට දින ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළ යාම නිසා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පැය හතහමාරක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ දැඩි අවධානමක් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා මහතා පැවසුවේය.

ඒ අනුව දහවල් කාලයේදී පැය පහක පමණ කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය දෙකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

දැවී තෙල් සැපයුම මේ වන විට සම්පූර්ණයෙන් නතර වී තිබෙන හෙයින් එම විදුලි බලාගාර මඟින් විදුලිය ජනනය නොවන අතර සොජිට්ස් බලාගාරය සතුවද ඩීසල් ඇත්තේ හෙට දිනය සඳහා පමණක් බව කුඩාහේවා මහතා සඳහන් කළේය.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිදවැටී තිබීම නිසා මේ මොහොතේ එම බලාගාරයෙන් ජනනය වන්නේ මෙගා වොට් 540ක් පමණක් බව ඔහු කියා සිටින ලදී.

ජල විදුලි උත්පාදනය ද උපරිම වශයෙන් සිදුකිරීමේ හැකියාවක් නැති බවයි කුඩාහේවා මහතා සඳහන් කළේ.

නැවත ඩීසල් නැවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනිදා වන හෙයින් පවතින ඩීසල් තොග ප්‍රවාහනයට සහ විදුලි උත්පාදනයට සීමා සහිතව යොදා ගැනීමට සිදුව තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

”මෙතන අපිට තවත් නොපෙනෙන ප්‍රශ්නයක් තිබෙනවා. රටේ දැන් තිබෙන තත්ත්වයත් එක්ක විදුලි බල මණ්ඩලය දැනට පැය 03යි විනාඩි 20ක කප්පාදුවට අමතරව වෙන කිසිදු විදුලි කප්පාදුවකට හෝ විදුලිය නැතිවීමේ අවස්ථාවකට ඉඩ දෙන්නේ නැහැ දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගවලට සෘජුව සහය දැක්වුවත්. මෙතැනදී යම්කිසි බිඳවැටීමක් සිදුවුණොත් නැවත යථා තත්ත්වයට පත්කරන්න බ්‍රේක්ඩවුන් වාහන ඒ ඒ තැන්වලට යන්න ඕනේ. දැන් ඒ වාහනවලට යන්නත් ඩීසල් නැහැ. ඒක ඉතාම දරුණු තත්ත්වයක්. මේ වෙද්දී රත්නපුර ප්‍රදේශයට, මධ්‍යම කඳුකරයට වර්ෂාපතනය ලැබෙන කාලේ. බ්‍රේක් ඩවුන් වැඩි වෙන කාලයක්. ඒවා නඩත්තු කටයුතු සඳහා යන්න වුනාම දැන් තියෙන්නේ ඒ වාහනවලට යන්න ඩීසල් නැති ප්‍රශ්නයක්. ඒ නිසා වෘත්තීය ක්‍රියාමර්ගය අස්සෙත් විදුලි සැපයුම ලබා දීමට කටයුතු කරනවා වගේම අනෙක් පැත්තෙන් බ්‍රේක් ඩවුන් එකක් වුනොතේ ගැන බලන්න වාහන යවන්න බැරි තත්ත්වයකුත් තිබෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. කළමණාකාරීත්වය මේ ගැන දැනුවත් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් අපිට නිසි පිළිතුරක් ලැබී නැහැ. රටේ තිබෙන තත්ත්වයත් එක්ක මේ ගැන තේරුම් ගන්න කියලත් අපි ජනතාවට කියනවා. විදුලි කප්පාදුවට අමතරව විදුලිය බිඳ වැටීමකට අපි යන්නේ නැහැ. අපි උපරිම උත්සහ කරන්නේ හැමවෙලාවෙම විදුලිය ලබාදෙන්න. නමුත් මේ වගේ ප්‍රශ්නත් අපිට දැන් ඇතිවෙලා තිබෙනවා.” යනුවෙන් වැඩිදුරටත් කුඩාහේවා මහතා අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...