අපිත් ආණ්ඩුව භාරගන්න සූදානම් – අනුරත් කොන්දේසි ඉදිරිපත් කරයි (VIDEO)

Date:

වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කරන කොන්දේසි මෙසේය,

  1. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්විය යුතුයි.
  2. කථානායකවරයා තාවකාලිකව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතුයි.
  3. මාස 6ක් තුළ නව ජනවරමකින් ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.

(අ) ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළ තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම

(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...