සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට රජයෙන් නිවාස ආධාර!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:පැවිදි බිමට දරුවන් එක් කර ඇති ආර්ථික දුෂ්කරතා සහිත දෙමාපියන් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහ සාමනේර භික්ෂුන් වහන්සේ සිය දෙමාපියන් සම්බන්ධයෙන් පසුතැවිලිවීම වළක්වා ගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.

සාමනේර භික්ෂූන් වහන්සේ පිරිවෙන් තුළ සහ විහාරස්ථාන තුළ ආගමික දිවිපෙවතක් ගත කරන අවස්ථාවේදී ආර්ථික අඟහිඟකම් සහිත සිය දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමට නොහැකි බැවින් එවැනි දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා වැළැක්වීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඊට සමගාමීව යතිවර මාපිය නිවහන නම් නිවාස ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ බව ඒ මහතා පැවසුවේය.

රුපියල් ලක්ෂ 15ක වියදමින් නිවසක් ඉදි කරන බවත් මෙම වර්ෂයේදී එවැනි නිවාස දහසක් ඉදි කොට සාමනේර භික්ෂුන් වහන්සේලාගේ දෙමාපියන් සඳහා ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මැණික්හින්න, සද්ධර්ම පොත්ගුල් විහාරීය නව සංඝාවාස ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීම සහ විහාරීය නව කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය...

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...