Tuesday, May 30, 2023
spot_img

Latest Posts

කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට !

කඩුවෙල නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය විසින් ඊයේ (10) අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂලට පහරදීමේ චෝදනාව මත ය.

2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව සිදුවූ ප්‍රතිප්‍රහාරයේදී බේරේ වැවට ඇද දැමුණු චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළකිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් වශයෙන් තමන්ට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි පියත් නිකේෂල පවසන්නේ.

චන්දික අබේරත්න ඇතුළු පිරිසක් විසින් ඊයේ (10) සිදුකළ මෙම පහරදීම සඳහා මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් පියත් නිකේෂල පැවසූ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.