ඇමතිකමුත් කළා, කිසිම ඇමතිකමකට මේ තරම් නහයෙන් අඬලා නෑ – SB කියයි

Date:

තමන් බලාපොරොත්තුවෙන් සිටින කැබිනට් අමාත්‍ය තනතුර තවමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ වනවිට සිටින්නේ දැඩි කළකිරීමෙනි.

ඒ මහතා මේ දිනවල උදෑසන පටන්ම ජනාධිපතිවරයාට හිතවත් විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් තම දුක කියමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔහු බොහෝදෙනෙකුට කියා ඇත්තේ “මම ඕනෙ තරම් ඇමතිකම් කරලා තියෙනවා, ඒත් ඒ කිසිම ඇමතිකමකට මේ තරම් නහයෙන් අඬලා නෑ” යනුවෙනි.

“ලොක්කා මාවත් ඇන්දුවා. බලන්නකො මට, රාජිතට එහෙම වෙච්ච වැඩේ. මේ ඇමතිකම් දෙන කතාව නොකියා හිටියා නම් මීට වඩා හොඳයි. ලොක්කා තරම් මිනිස්සු අන්දන්න දක්ෂයෙන් මේ රටේ තවත් නෑ ඉතින්” යන කතාවත් මේ දිනවල ඔහු නිතර පවසන බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...