පොහොර මිලදීගැනීමට කූපන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යල කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් කූපන් එකක් වශයෙන් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් ලබාදෙන බව  එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය .

කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණේ, පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නමුත් , ගිණුම්වල පවතින ගැටලු කිහිපයක් නිසා කූපන් ලබා දීමට තීරණය කර ඇත.

අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට කූපන් මුද්‍රණයට ලබා දී ඇති බවත් , මුද්‍රණ කටයුතු සිදු කිරීමට සතියක් පමණ ගත වන බවත් ඉන් පසුව බෙදා හැරීම ආරම්භ කරන බවත්ය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...