පොහොර මිලදීගැනීමට කූපන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යල කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් කූපන් එකක් වශයෙන් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් ලබාදෙන බව  එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය .

කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණේ, පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නමුත් , ගිණුම්වල පවතින ගැටලු කිහිපයක් නිසා කූපන් ලබා දීමට තීරණය කර ඇත.

අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට කූපන් මුද්‍රණයට ලබා දී ඇති බවත් , මුද්‍රණ කටයුතු සිදු කිරීමට සතියක් පමණ ගත වන බවත් ඉන් පසුව බෙදා හැරීම ආරම්භ කරන බවත්ය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...