*
Friday, October 18, 2024
spot_img

Latest Posts

තලංගම පහරදීම් සිද්ධිය පිළිබඳ පොලිසිය නිල ප්‍රකාශයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   තලංගම, කොස්වත්ත ප්‍රදේශයේදී  පියත් නිකේෂල යන අයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ප්‍රමුඛ ප්‍රහාරකයින් පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රහාරය ඊයේ (10) දිනයේදී සිදු විය. පියත් නිකේෂල යනු  අරගලය ක්‍රියාකාරිකයෙකු වන බවද සඳහන් .

නිකේෂල රෝහල් ගත කිරීමත් සමග හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා පොලිසිය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවයි. තලංගම, කොස්වත්ත, සමගි මාවතේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා තුවාල ලබා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රමුඛ ප්‍රහාරක පිරිසක් වාහන දෙකකින් පැමිණ තමාට පහර දී වාහනයට අලාභ හානි කළ බව නිකේෂල කියා සිටි අතර  සමාජ මාධ්‍යවල විකාශය වූ වීඩියෝ දර්ශනවලින් ක්‍රියාකාරිකයාට පහර දෙන ආකාරය, හිටපු නියෝජ්‍ය නගරාධිපති එම ස්ථානයේ පෙනී සිටින අතර තියුණු ආයුධයක් සහිතව සිටි පුද්ගලයෙකු ඔහුගේ මෝටර් රථයට හානි කරන ආකාරය ද දර්ෂණ වල ඇතුලත් වේ.

තුවාල ලැබූ නිකේෂල යන අය  තලංගම රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය සඳහන් කළේය. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අබේරත්නගේ පැමිණිල්ලකට අනුව නිකේෂල අත්අඩංගුවට ගැනීමක්ද සිදු කර ඇත. ඔවුන් දෙදෙනා මේ වන විට පොලිසියේ නිරීක්‍ෂණයෙන් පසුවේ. පියත් නිකේෂල 2022 වසරේ ‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් වී ඇති බව සමාජ මාධ්‍ය හරහා ගලා යන තොරතුරු අනුවද පෙනී යයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan