*
Monday, September 30, 2024
spot_img

Latest Posts

BR ගැට සහ RW ගැට,

නුදුරේදීම වෙන්න නියමිත දේශපාලන අර්බුදයට මුහුණ දෙන්න දේශපාලන පක්ෂ තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කරගනිමින් ඉන්නවා.ඒ වෙනුවෙන් එයාලා දේශපාලන සදාචාරයෙන් ඔබ්බට ගිහින් කටයුතු කරන බවත් පැහැදිලියි.එජාපය, පොහොට්ටුව, සජබය සහ ජාජබය තමන්ගේ කදවුරේ ශක්ති වැඩි කරගන්න විවිධ උත්සහ දරමින්,උපක්‍රමය තෝරමින් ඉන්නවා.ඊට අමතරව ශ්‍රිලනිපය,උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාවත් තමන්ට ඇති හැකි පමණින් සීමිත මෙහෙයුම් ක්‍රියාවලියක යෙදිලා ඉන්නවා.

බැසිල්ගේ අලුත්ම උපක්‍රමය වෙලා තියෙන්නේ පොහොට්ටුව ඇතුලේ රනිල් විරෝධී කැරැල්ලක් ෆෝම් කිරීමයි.ඇත්තටම ඒක සමස්ථ පොහොට්ටුවම සම්බන්ධ කැරැල්ලක් නෙවෙයි.පොහොට්ටුවේ බැසිල් පාර්ශවය ගහන කැරැල්ලක්. රටේ රාළ නං ඒ සටනේ දෙපැත්තක් දකිනවා.එතකොට රනිල්ට අනුප්‍රාප්තික ජනාධිපතිකම දීලා රාජපක්ෂලාට ඒ ජනාධිපතිකම යටතේ ආරක්ෂාව හදාගෙන ආපු එකඟතාවය දැන් බිඳලද?බිඳිලා නම් ඒක බිඳුණේ රනිල්ගේ පාර්ශවයෙන්ද,නැත්තම් රාජපක්ෂලාගේ පාර්ශවයෙන්ද කියන ප්‍රශ්නය තියනවා.රටේ රාළ කියන්නේ ඒ එකඟතාවය බිඳ වැටිලා තියෙන්නේ බැසිල් පාර්ශවයට අදාලව විතරයි කියලා. මහින්ද පාර්ශවයට අදාලව ඒ එකඟතා තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ රටේ රාළ කිව්වේ රනිල්ගේ ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය අඩපණ කරන්න උපරිම වශයෙන් බැසිල් උත්සාහ කරයි කියලා.ඒ උපකල්පන නිවැරදි බව දැන් ඉතාමත්ම පැහැදිලියි.තවමත් ආණ්ඩුකාරධූරවලින් ඉවත් වෙන්න කියලා දන්වපු ආණ්ඩුකාරවරු කිසිකෙනෙක් ඉල්ලලා අස්වෙලා නෑ.

ඇත්තටම මේ ඉල්ලා අස්නොවීම පිටිපස්සේ ඉන්නේ කවුද?ඉල්ලා අස්නොවී ඉන්න තරමට එයාලට තියෙන හයිය මොකද්ද?රටේ රාළ හිතන්නේ බැසිල් මේක පිටිපස්සේ ඉන්නවා කියලයි.මෙතනදී බැසිල් නොහිතපු කණ්ඩායමකුත් බැසිල්ගේ සහයට ඇවිත් ඉන්නවා.ඒ විමල්වාදී ජාතික සංවිධාන එකමුතුව.එයාලත් බැසිල්ගේ මෙහෙයුමට යම් උත්තේජනයක් දෙනවා.ජාතික සංවිධාන එකමුතුවට ඉතා සමීප නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය පිටි පස්සේ ඉන්නේ විමල් ඇතුළු ජාතික සංවිධාන එකමුතුව.කොහොම උනත් ජනාධිපති ඉල්ලා අස්වෙන්න කියලා දැනුම් දුන්නට පස්සේ ඉල්ලා අස්නොවී සිටීම ජනාධිපතිට කරන බරපතල දේශපාලන අභියෝගයක්. ආණ්ඩුකාරයෙක් පත් වෙන්නේ අවුරුදු පහක කාල සීමාවකට. ආණ්ඩුකාරවරයා පත්වුනාට පස්සේ අවුරුදු පහක කාලයක් ඔහු හෝ ඇය සිය තනතුර දැරිය යුත්තේය කියලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ.

ආණ්ඩුකාරයෙක් අයින් කරන්න ජනාධිපතිවරයාට හැකියාව තියෙන්නේ අදාල පලාත් සභාවේ තුනෙන් දෙකක බහුතරයෙන් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න කියලා සම්මත වෙන යෝජනාවක් ජනාධිපතිට යොමු කිරීමෙන් පස්සෙයි.ඒත් දැන් එහෙම දෙයක් කරන්න පලාත් සහාවක් නෑ. ඇත්තටම මෙතනදී එන ලොකුම ප්‍රශ්නය වෙන්නේ ජනාධිපතිවරයාගේ අභිමතයට අභියෝග කිරීමයි.ඔයාලට මතක ඇති එක වෙලාවකදී පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් කිව්වා පොහොට්ටුව කවදාවත් ජනාධිපතිවරයාගේ අභිමතයට අභියෝග කරන්නේ නෑ කියලා. හැබැයි දැන් මේ ඉල්ලා අස්නොවෙන ආණ්ඩුකාරවරුන්ට මුවා වෙලා එයාලා ඒකත් කරලා තියනවා. ඇත්තටම දැන් එයාලා මේ අභියෝග කරන්නේ එයාලා විසින්ම රනිල්ට නිර්මාණය කරලා දුන්න බලයට.යම් විදිහකින් මේ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වුනේ නැත්තං රනිල් මොකද කරන්නේ?ඒ හෑල්ලුව ඉවසගෙන නිහඩ වෙනවද?එහෙමත් නැත්තං එයාලා ඉන්දැද්දීම රනිල් විසින් නව ආණ්ඩුකාර පත්වීම් දෙයිද?

ඒ කරන නව පත්කිරීම්වලින් හිටපු ආණ්ඩුකාරවරුන්ගේ තනතුරු බල රහිත වෙනවද?ඒක තිරණය කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට.හැබැයි මෙතන රනිල්ට අවාසිදායක නීති තර්කයක් තියනවා.රනිල් ඉල්ලා අස්වෙන්න කියලා දැනුම් දීලා තියෙන්නේ ජනවරමක් සභිත ජනාධිපතිවරයෙක් කරපු පත්කිරීම්වලට.අනුප්‍රාප්තික ජනාධිපති විදිහට රනිල් එයාලට ඉල්ලා අස්වෙන්න කියලා දැනුම් දීමෙන් එයාලට හිතාමතා අගතියක් කරන්න හදනවා කියන තර්කය එන්න පුළුවන්.අනික එහෙම අයින් කිරීම සදාචාරාත්මක නෑ කියලත් තර්කයක් එන්න පුළුවන්.හැබැයි මේකේ තව පැත්තක් තියනවා. සමහරවිට මේක රනිල් පොහොට්ටුවට දුන්න ලණුවක්ද කියන සැකයත් රටේ රාළට තියනවා.පොහොට්ටුව දිගටම රනිල්ට කිව්වේ කැබිනට් එක පත් කරන්න කියලයි.ඒකට පොහොට්ටුවේ අයගේ නම් පවා රනිල්ට එවලා තිබුණා.රනිල් දිගටම ඒ ඉල්ලීම මගෑරියා.ඇත්තටම පොහොට්ටුව කියන අය පත් කලා නං රනිල් පොහොට්ටුවේ රූකඩයක් වෙන එක නවත්යන්නත් බෑ.

කොහොම හරි තවදුරටත් රනිල්ට ඒක මඟ හරින්න බෑ.මඟහරිනවා නං රනිල් පොහොට්ටුව පැත්තට සාධාරණ උත්තරයක් දෙන්න ඕනි.ඒ සාධාරණ උත්තරේද මේ දීලා තියෙන්නේ කියලා රටේ රාළට හිතෙනවා.ඇත්තටම පොහොට්ටුවට ආණ්ඩුකාරවරුන්ට වඩා වටින්නේ කැබිනට් එක. අනික ඔය ආණ්ඩුකාරවරුන් අතර මහා ලොකු පොහොට්ටුකාරයෝ නෑ. හැබැයි රනිල්ට ආණ්ඩුකාරවරු පත්කිරීමේ යම් දේශපාලන වැදගත්කමක් තියනවා.එකක් රනිල් වටේ ඉන්න එජාප ප්‍රබලයන්ට තනතුරු දෙන්න ඕනි.ජනාධිපති වෙලත් ඒක බැරි නං වැඩක් නෑ කියලා එයාලා හිතනවා ඇති.ඊළගට ආණ්ඩුකාරවරු පත්කිරීම හරහා එජාප ප්‍රතිසංවිධාන වැඩපිලිවෙලත් ගැටගැහිලා තියනවා.පොහොට්ටුව මේ වළක්වමින් තියෙන්නේ රනිල්ගේ ඒ දේශපාලන උවමනාව. දැන් රනිල්ට පොහොට්ටුවට පැත්තට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්.මගේ දේශපාලන උවමනාවට උඹලා ඉඩ දෙන්නේ නැත්තං ඇයි මම උඹලගේ දේශපාලන උවමනාවට ඉඩ දෙන්නේ කියලා.

ඒක නෙවෙයිද රනිල්ට කැබිනට් සංශෝධනය මඟහරින්න මේ වෙලාවේ දෙන්න තියන හොඳම උත්තරය.රටේ රාළට හිතෙන්නේ රනිල්ටත් ආණ්ඩුකාරවරුන්ට වඩා කැබිනට් එක වටිනවා. පොහොට්ටුව අර වගේ සුළුදේටත් ගහනවා නම් දැන් රනිල්ට පුළුවන් පොහොට්ටුව නොසලකා රනිල්ගේ අභිමතයට කැබිනට් එකක් පත්කරන්න.රනිල් අතුරු ප්‍රශ්නයක් හදලා මූලික ප්‍රශ්නය විසදගත්තා වෙන්නත් පුළුවන්.සමහරවිට රනිල් බැසිල් අමාරුවේ දැම්මා වෙන්නත් පුළුවන්.රනිල් එහෙම සැලැස්මක ඉන්නවා නම් රනිල්ගේ ගෝලයෝ කරන දේශපාලනය රනිල්ගේ උපක්‍රමවලට ලොකු බාධාවක් බව පිලිගන්න වෙනවා.එයාලා මේ වෙලාවේ කරන්නේ මහ සටන ගැන අදහසක් නැතිව පුංච් පුංචි කෑලිවල එල්ලෙන එකයි.එජාප ලේකම් රංගේ බණ්ඩාර මේ දවස්වල කරන්නේ රනිල්ට පේන්න පොහොට්ටුව කොනිත්තන එක. ඇත්තටම ඒවා නං ගොන් පාට්. රංගේ මේ දවස්වල කරන්නේ පොහොට්ටුවේ ඉන්න ඇච්ඩෝ බැච්ඩෝ දෙන්නා තුන්දෙනා යූඑන්පියට ගන්න ට්‍රයි කරන එක.

එහෙම කොනිත්තන එකෙන් වෙන්නේ රනිල්ට පොහොට්ටුවට එල්ල කරන්න හදන මහා ප්‍රහාරය බාලවීමයි.රංගෙගේ ටිකිරි මොලේට ඒක තේරෙන්නේ නෑ.මේ වෙලාවේ පොහොට්ටුවට එල්ල කරනවා නම් එල්ල කරන්න ඕනි රාජපක්ෂ කදවුර සලිත වෙන මට්ටමේ ප්‍රහාරයක්.අනික ඔය රංගෙලා කරන්නංත් රාජපක්ෂලා කරපු බාලා දේශපාලනයම තමයි.රාජපක්ෂලා කලේ තමන් වටේට හිටපු පක්ෂවල කට්ටිය බාගෙන පොහොට්ටුව ශක්තිමත් කරගත්ත එකයි.දැන් රංගෙලා කරන්න හදන්නේ පොහොට්ටුවෙන් කට්ටිය ගලවගෙන එජාපය ශක්තිමත් කිරීමයි.එක පැත්තකින් ඒක රාජපක්ෂලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමක්.හැබැයි ඔය තක්කඩි දේශපාලන නං මේ රටට ගැලපෙන්නේ නෑ.එජාපය කරන්න ඕනි මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමයි.ඒ දෘෂ්ටිය සමාජය වෙත ගෙන ඒමයි. ඒ ගමනට සුදුසු මිනිස්සු මහ සමාජයෙන් තොරා ගැනිමයි.එහෙම නැතිව එක එක කාලෙට දෙපැත්තේ කුණු ගොඩවල් එහෙට මෙහෙට මාරු කරගැනිම නෙවෙයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan