*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සමස්ත සූරයා කහවත්තෙන් – සූර සූරියෝ තිදෙනෙක් අඹගමුවෙන්

මෙවර ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම සමස්ත ක්‍රීඩා උළෙලේ ප්‍රශස්ත දක්ෂතාවයට හිමි ඇගයීම ලද්දේ රත්නපුර කහවත්ත මධය මහා විද්‍යාලයේ මලිත් යසිරු ය.ක්‍රීඩා උළෙලට පෙරම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට අවශ්‍යය සුදුසුකම් සපුරා සිටි මලිත් මෙම තරගයේදී මීටර් 15.89 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්වේ නව උළෙල වාර්තාවක් තබන්නට ද සමත් විය.හිටපු තුන් පිම්ම ක්‍රීඩකයෙක් වන නිහාල් වික්‍රමසිංහ මලිත්ගේ පුහුණුකරුය.
මෙවර ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ කැපී පෙණුනම පුහුණුකරු වූයේ දීර්ඝ පළපුරුද්දක් ඇති පුහුණුකරුවෙක් වන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික තලයට ක්‍රීඩකයින් නිපදවන විදුලිපුර ටර්බයිනය නම් වූ අනුර බණ්ඩාර ය.ඔහු යටතේ ක්‍රීඩා පුහුණුව ලබන ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයින් ලෙස ඔවුන් නියෝජනය කරන ලද වයස් කාණ්ඩයන් හී දස්කම් දැක්වීම කැපී පෙණින.


ලංකාවේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ද බොහෝ විට විදේශ තරග අත්දැකීම් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර ඒ අනුව බලන විට සුගත් තිලකරත්නගේ සිට මෙ’රටට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙන සහ ජයග්‍රහණ උපයා දෙන අනුර ගේ ශක්‍යතාවයන් ප්‍රමාණයට ඔහුට ලැබී ඇති විදේශ තරග අත්දැකීම්නම් ඉතාමත් සිමිතය.

ඔහු යටතේ පුහුණුව ලබන ධනුක සහ අකලංක යන කඩුලු රකින්නන් දෙදෙනා මේ වන විටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තර සළකුණු බවට පත් වි අහවරය.ධනුක දර්ශන මේ තත්පරයේ ශ්‍රී ලංකාවේ සිටින හොඳම මීටර් 400 කඩුලු මතින් දිව යන්නා වන අතර කණිෂ්ඨ අංශයේ කැපි පෙනෙනම තරගකරුවා වන්නේ අයෝමාල් අකලංක ය.අනුර යටතේ වැඩෙන මේ දෙදෙනාගෙන් ධනුක අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ අතර අකලංක අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රිඩකයා විය.අලුත් තුරුම්පුව සේ මේ ක්‍රීඩා තරගයේදී මතු වූ අවුරුදු 18 න් පහළ දුර පැනීම ඉසව්වේ දක්ෂතාවය වෙනුවෙන් එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චලනි හංසිකා මුණසිංහ එම වයස් කාණ්ඩයේ මීටර් 400 කඩුලු මතින් දිවීම ද ජය ගනිමින් අඹගමුවේ විශිෂ්ඨත්වය ඉහළටම ඔසවා තැබුවාය.ඇය දක්ෂතම ක්‍රීඩිකාව වූයේ අවුරුදු 18 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී දක්වන ලද මීටර් 5.68 ක දක්ෂතාවය වෙනුවෙන් ය.

ඒ ආකාරයේම අත්දැකීම් සහිත ශ්‍රී ලංකාවට මංජුල කුමාර ගේ සිට දක්ෂයන් නිර්මාණය කරන ලද පුහුණුකරුවෙක් වන කීර්ති කුමාර යටතේ පුහුණුව ලබන මෑත කාලයේ අවධානයට පත් වූ කණිටු උස පනින්නියක් වන නේත්රා සමාධි අවුරුදු 16 න් පහළ උස පැනීමේ ජයග්‍රාහිකාව වූවාය.ඒ මීටර් 1.66 ක දක්ෂතාවයක් සටහන් කරමින්ය.මෙම දෙටු පුහුණුකරුවන්ගෙන් කණිටු පුහුණුකරුවන්ට ගත හැකි ප්‍රායෝගික අධ්‍යයනයන් බොහෝ ය.නමුත් ඒ සඳහා ඉඩක් ඇද්දැයි සිතීම උගහටය.දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට එම කිරුළ ගෙන ගිය සමාධි හෙට දවසට ඉතුරු කර ගත යුතු වැදගත් බලාපොරොත්තුවක්ය.

අමිල හපුගල යටතේ පුහුණුව ලබන මාතර රාහුල විද්‍යාලයේ බිනුද බෝජිත සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා වීමට අවශ්‍යය ලකුණු ලබා ගැනීමට අපහසු ඉසව්වකින් දස්කම් දක්වා දක්ෂතම ක්‍රීඩකයා විය.ඒ අවුරුදු 16 න් පහළ කවපෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 49.50 ක් දුරට කවපෙත්ත විසි කරමින්ය.
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල,නන්නපුරාව විද්‍යාලයේ නෙත්මිකා හේරත් දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 6.06 ක දක්ෂතාවයක් දැක් වීය.සුළඟ එක්ව කරන ලද හදිය නොවන්නට එම දස්කම අනෝමා සූරියආරච්චිට අවුරුදු 20 න් පහළ දුර පැනීම සඳහා හිමි මීටර් 6.06 ක් වූ වාර්තාව හා සම වන්නට තිබිණි.ක්‍රීෂාන්ත කුමාර යටතේ පුහුණුව ලබන නේතමිකා එම දස්කම නිසා අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.ඇය ආසියානු කණිෂ්ඨ තරගාවලියට ඇතුළත් කිරීමට යම් ඉඩක් වේ දැයි මලල ක්‍රීඩා බලධාරීන් විමසා බැලිය යුතු අතර ඇය මේ වන විට ඉතාම පැහැදිළිව ඇයට අනාගතයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට බොහෝ දේ දිය හැකි ක්‍රීඩිකාවක් යන්න සන්නාමය සටහන් කර ඇති ක්‍රීඩිකාවක්ය.

මේ තත්පරයේ වැඩි කතාබහට ලක්වන පුහුණුකරුවෙක් වන සංජීව වීරක්කොඩි ද මේ තරගාවලියේ කැපී පෙණුන පුහුණුකරුවෙක් බවට පත් විය.ඔහු යටතේ කන්ද උඩ රටට කිර්තිය ගෙන එමින් දක්ෂතා දැක් වූ සහ වාර්තා පිහිට වූ ක්‍රීඩිකාවන් අතරින් අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ තත්පර 14.51 න් මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නිමා කළ සමාධි දිසානායකය.එසේම වීරක්කොඩි යටතේ පුහුණුව ලබන දහම්සා කහංගම මිටර් 100 කඩුලු ඉසව්ව අවුරුදු 20 න් පහළ වයස් සීමාවේදී සමාධිට ත් වඩා හොඳ කාලයකින් නිමා කළ ද (14.45), ඇයගේ වයස් කාණ්ඩයේ වැඩිම ලකුණු ඉපැයූ ඉසව්ව බවට පත් වූයේ දුර පැනීමේ ඉසව්වය.එහිදී නෙත්මිකා ගේ දස්කම්වලට දක්ෂතාම ක්‍රීඩකාව වෙන්නට මඟ සැකසුණාය.

ඇතැම් ඉසව්වලින් ප්‍රශස්ත මට්ටමක වර්ධනයක් පෙන් වුව ද,සමස්ත ක්‍රීඩා උළෙල ගත් විට වර්ථමානය ගැන සතුටු වන්නට නොහැකිය.එයට මෙහෙයවීමේ අඩුවක් ඇති බව තේරුම් ගැනිම පාලකයන්ගේ වගකීමය.එසේම මෙවැනි දක්ෂයන්ගේ අධ්‍යාපනය නඩත්තු කරන්නේ කෙසේද යන්න සිතීමත් වැදගත්ය.යාන්තමට සාමාන්‍ය පෙළ සමත්ව හෝ අසමත්ව හමුදා සේවයට එකතු කර දිවවීමට වඩා වැඩි පරාසයක් ක්‍රීඩකයාගේ දැණුම සහ අවබෝධය ගැන කල්පනා කළ යුතුය.එය මලල ක්‍රීඩා සංගමය පමණක් නොව අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව ඉදිරියට යා හැකි වෙනත් ආයතනික සහයක් මලල ක්‍රීඩාව වෙනුවෙන් ද අනිත් ක්‍රීඩා වෙනුවෙන් ද ලබා දිය යුතුය.කේෂ්ත්‍රය ව්‍යාපාරක ආයතනවල කීර්තිය සම්බන්ධ ගැටුමක් වන තරමට ක්‍රීඩකයාට හොද ජීවිතයක් ලැබෙන්නට තිබෙන ඉඩ පුළුල් වනු ඇත.

ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ද මලල ක්‍රීඩා සංගමයේ ඉහළ පුටුවක සිටින්නේ සාමාන්‍ය සෙබළ වෘත්තියේ නියැලි අය නොවන බව තේරුම් ගත යුතුය.වර්ථමානයේ ඇති පීඩනය,අසහනය සහ දුෂ්කරතාවය වෙනස් කිරීමට ඉහළ පුටුවලට ඒමටනම් ඉහළ අධ්‍යෘපනයය ද වැදගත් බව අවබෝධ කරගෙන අනාගතයේ පරිපාලන වගකීම හා සැබඳියාවන් හදමින් ක්‍රීඩක ජීවිතයේ සාර්ථකත්වයේ සිහිනය දකින්නට හෙට පරපුරට පුරුදු පුහුණු කිරිම වැදගත්ය.සෘජු බව නිදහස් බව සහ බුද්ධිය සහිත හෙට පරපුරක් වෙනුවෙන් දරුවන් මෙහෙයවන සියලු පුහුණුකරුවන්ට සහ ගුරුවරුන්ට එක තීරණයක එකට සිටිය හැකිනම් හෙට මලල ක්‍රීඩාව වෙනස් කරන්නට අසීරු නැත.ක්‍රීඩකයාට හොඳ ආමන්ත්‍රණයක් හෝ හිමිවන හෙට දවසක් අපි පතමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan