මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැති නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) මෙවර මහ මැතිවරණයට කාශ්මීරයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙය භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

කාශ්මීරය සහ දිල්ලි අතර සබඳතා දශක ගණනාවක් තිස්සේ නොසන්සුන්ව පවතින් අතර ඉන්දීය පාලනයට එරෙහි කැරැල්ලක් සහ ඊට එරෙහි හමුදා ක්‍රියාමාර්ග පසුගිය දශක තුනක කාලය තුළ හිමාල කලාපයේ ජීවිත දහස් ගණනක් අහිමි විය.

2019 දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය කලාපයට සැලකිය යුතු ස්වයං පාලනයක් ලබා දී ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 370 ව්‍යවස්ථාව සියල්ලම පාහේ අවලංගු කර එය ලඩාක්, ජම්මු සහ කාශ්මීර් යන ෆෙඩරල් පාලන ප්‍රදේශ දෙකකට බෙදීමත් සමඟ තත්වය වඩාත් නරක අතට හැරුණි. මෙහිදී ආන්ඩුව දැඩි සන්නිවේදන අවහිරයක් ද පැනවූ අතර හිටපු මහ ඇමතිවරුන් තිදෙනෙකු ඇතුළු සිය ගනනක් දේශපාලන නායකයින් මාස ගණනාවක් සිරගත කළේය.

මිට අමතරව ප්‍රදේශයේ සහ විපක්ෂ නායකයින් පවසන්නේ තවත් කරුණු කිහිපයක් ද ජනතාව අතර විරසක හැඟීම වැඩි කිරීමට හේතු වී ඇති බවයි. එනම් ඉහළ විරැකියා අනුපාත, දේශපාලනයේ දේශීය නියෝජනයක් නොමැතිකම සහ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙයට ඇතුළත් වේ.

මෙකි සියලු කරුණු හේතුවෙන් භාරතීය ජනතා පක්ෂය මෙවර කාශ්මීරයේ තරඟ නොකරණු ඇත.

මෙවර ජම්මු කාශ්මීරයේ ඡන්ද විමසීම අදියර පහකින් පැවැත්වන අතර අබ්දුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රස් පක්ෂය(NC) හැරුණු විට,ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය, මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PDP), මහජන සම්මේලනය (PC) සහ ජම්මු සහ කාශ්මීර් අප්නි පක්ෂය ද තරඟයට ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...